පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
අම්බලන්තොට මාමඩල දකුණ බෝකුටුයාය ප්රදේශයේදී පසුගිය දා (11) රාත්රී 8.30 පමණ පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ වීරසේකර ආරච්චිගේ ලක්මාල් සඳරුවන් (34) නමැති තිදෙරු පියෙකු වන අතර තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරදගේ පියා බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පසුගිය 11 වනදා (ඊයේ) රාත්රී අදාල පුද්ගලයා ඝාතනය කිරීමට එම නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් ඔහු ඝාතනය කිරීමට තැත්කිරිමත් සමඟ ඇතිවූ ආරවුල තුලදී ඝාතනයට ලක්වූ අයගේ බිරිදගේ පියාද තුවාල ලබා ඇති අතර පසුව පැමිණි පිරිස අදාල පුද්ගලයා ඝාතනය කොට ඔහුගේ හිස කඳින් වෙන්කොට මාමඩල මංසන්දියේ ඇති පිළිරුවක ගසා ගොස් තිබේ.
මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයා 2025.01.02 දින අම්බලන්තොට ඇලේගොඩ බටහිර ප්රදේශයේ දී සිදුකරන ලද ත්රිත්ව ඝාතනයේ සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාඝාර ගතකොට සිට පසුගිය මාර්තු 30 දින ඇප ලබා පැමිණ තිබේ. එම ඝාතනයට පලි ගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර තිබෙන බව පොලිසිය සැක පලකරනවා. ඝාතනයට පැමිණි අය රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරික්ෂණය හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් Y.R.B. නෙළුම්දෙණිය මහතා විසින් සිදුකරන ලද අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
