ඔස්ට්‍රේලියාවේ දරුවන්ට ලිංගික හිංසන කළ ලාංකිකයා හිරේට
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දරුවන් බලා ගැනිමේ රැකියවක් කළ ශ්‍රී ලාංකිකයෙක් අවුරුදු 7ක් වූ දරුවන් දෙදෙනෙක්ට ලිංගික අපයෝජනය කිරිම හේතුවෙන් වසර පහමාරක සිර දඬුවමක් නියම වි ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
දයන්තන් ස්ටැන්ලි මොහාන්රාජ් නැමැති 19 හැවැරිදි පුද්ගලයෙක් ට මෙසේ සිර දඬුවම් නියම වී තිබේ.
පළමු දරුවාට අසභ්‍ය වීඩියෝ දර්ශණ පෙන්වා ඔහුව වැසිකිළියක් තුළදී අපයෝජනයට ලක්කර ඒ බව දෙමාපියන්ට දැන්වුවහොත් ඝාතනය කරන බවට තර්ජන කර ඇති බවත් අනෙක් දරුවා ක්රීඩාකාමරයේදී අපයෝජනයට ලක්කර ඇති බවත් පසුව දෙදෙනාටම සැකකරු පහරදී ඇති බවත් එය රහසක් ලෙස තබා ගන්නා ලෙසත් දැනුම් දී ඇතැයි බටහිර ඔස්ට්‍රේලියා දිසා අධිකරණයෙදී හෙළිව තිබේ.
මොහාන්රාජ් 2012 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඔවුගේ පවුල ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය ඉල්ලුවත් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවත් ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.

popular news
-
rocky Wednesday, 12 December 2018 01:29 PM
මේ හාදයාව කොහොම හරි නිදහස් කරගන මෙහාට ගෙන්නලා, පොහොට්ටුවන්ගෙන් නාමයෝජනා භාර දීම සුදුසුයි!
Reply : 10 113
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

