නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය විවෘත කරයි
නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි.
නාවලපිටිය උසස් තාක්ෂණ ආයතනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින විවෘත කෙරිණි.
ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට අද (29) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස්රථ සේවයට ඇල්ල නගරයේ ජනතාව විරෝධය දක්වමින් බස්රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළකළහ.
සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයින් දෙපලක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
තන්තිරිමලය කලුවිල ප්‍රදේශය පුද්ගලයකු තම බෝග වගා වටා ඇද තිබූ විදුලි වැටක වැදී, විදුලි සැර වැදී අද ( 23දා) දළ ඇතකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.
ජල මට්ටම ඉහළ යාම නිසා සමනලවැව ජලාශයේ කෘෂිකර්මික කටයුතු වලට ජලය සැපයෙන කෘෂිකාර්මික දොරටු පමණක් අද 23 දින පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැවසීය.
උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් මේ වන විට විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් පවසයි. ඒ අනුව තුන්වන දොරටුව අඩි දෙකක්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. ඉන් තත්ත්පරයට ඝන අඩි 13650 බැගින් ජලය මුදා හරින බව උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.
කඳුකර ප්‍රදේශයට අදහන නම් ධාරානිපාත වර්ෂාවත් සමඟ මේ වනවිට සියලු ජලාශ වාන් දමමින් පවතී .
අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22) එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරිණි
පසුගිය මාස කිහිපය තුළ දැඩි ලෙස නියගයට ගොදුරු වී තිබූ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලාශ කිහිපයක් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරී යාමට පටන් ගෙන ඇත.
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය 17 වනදා සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ බොහෝ ප්‍රදේශ 17 වනදා රාත්‍රියේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය.
කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ පවතින මගී තදබදය සදහා විසදුමක් ලෙස ස්වයං සේවා ටිකට් පත් පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ( Self Check - in ) 08 ක් සහ ස්වයං සේවා ගමන් මලු භාර දීමේ යන්ත්‍රයක් ( Bag Drop ) 11/14 දින උදෑසන 10.30ට ස්ථාපනය කිරීමේ උත්සවයක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පැවැත්වුනි .
අති සුඛෝපභෝගී නෞකාවක් වන රෙසිලන්ට් ලේඩි මගී නෞකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අද (13දා) සේන්දු විය
දකුණු කොරියාවේ පැවති 14 වන ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව පළමු වරට නියෝජනය කළ තෙනුර ලක්සෙන් එහි කනිෂ්ඨ අංශයේ කිලෝ ග්‍රෑම් 75 ට වැඩි බර පංතියේ රිදී පදක්කම දිනා ගෙන 11/12 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 11/10 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ සිදුව ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් අ ද(9) උදෑසන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් කීඩාංගණය ඉදිරිපිටදී පැවැත්විණ.
තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් පළමු ගුවන් යානය 10/30 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින්, තමාගේ පෞද්ගලික මුදලින් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master ) කායවර්ධන ශූරතා තරගාවලි වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06 සහ කුසලානයක් (Shield) දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත් වී සිටී.
වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.
නුවරඑළිය දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතාගේ වසර 39 ක සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (21) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.
ජනපතිධුරයට පත්විමෙන් පසුව සිය පළමු චීන සංචාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ චීනයට ළගා විය.
යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරනවා. ඒ වගේම TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත්. ඉදිරියේ දී අප රටට විශාල අඹ අස්වැන්නක් එනවා. ඒ නිසා මෙම අඹවලට වෙළෙඳපොලේ ඇති ඉල්ලුම වැටෙන්නට නොදී පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා දැනට යෝජනා කර තිබෙන ව්‍යාපෘති හැර වෙනත් අඹ වගාවන් උනන්දු කිරීම නොකළ යුතුයි. වෙනත් අපනයනය කළ හැකි බෝගසඳහා ගොවීන් උනන්දුකිරීමට අපි පියවර ගන්නවා
පවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ රේන්දපොල අබේවෙල හරහා ලෝකාන්තය මාර්ගයේ කලුපාලම අසලදී මාර්ගය ගිලාබැස නාය යාමට ලක්වීම නිසාවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද (12දා) වසා දැමූ බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි.
විදුලි වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ පිලිබඳව තොරතුරු ලබා දීම සහ තිරසාර ප්‍රවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විදුලි වාහන දෙසට නැඹුරු කිරීමේ අරමුණ ඇතුව E shift Concept center කොළඹදී අද (11) විවෘත විය.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (8) අළුයම 1 .00 ට පමණ බදුල්ල - කොළඹ මහා මාර්ගයේ 5 කනුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 පමණ පහලින් පිහිටි බදුළුඔයට වැටී අනතුරට ලක්වී තිබේ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් විදුහල් මාතාවට කෘත ගුණ සැලකීම වස් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය අද (1දා) පෙරවරුවේදී විවෘත කෙරිණ.
අධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටි මාර්ගයේ හරහා පෙරලි අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් ( දශ ලක්ෂය ) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා 09/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරු වැව ග්‍රාම සේවා වසමේ කලුආරච්චියාගම ප්‍රදේශයේ 20 දින රාත්‍රියේ නිවෙස් කිහිපයක භූ චලනයක් වැනි සිද්ධියක් වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ලෝක අවිවාහක රූ රැජින - 2023 ( Miss Queen of the World ) ලෙස කිරුළ පැලදි ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සඳහා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.