රජයට අයත් තවත් වාහනයක් සොයා ගනියි
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝ ජිප් රථයක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය විසින් (13) දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝ ජිප් රථයක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය විසින් (13) දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 10/10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ඉඳිකරන සූර්ය බලාගාරයේ වැඩ මේවන විට නිමවෙමින් පවතී. කොරියානු රජයේ ආධාර මත ඒ සඳහා ඩොලර් මිලියන 3.05 වැයකෙරේ.මෙම ව්‍යාපෘතිය වර්ගමීටර් දාහතරදහස් පන්සීයවිස්සකින් සමන්විතය.
එසේම නුදුරු දිනකදීම ඉන්දියාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ද නුදුරු පහසු දිනකදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර සිටියේය.
පසුගිය යල කන්නයේ දේශීය ලොකු ළුණු වගාකර තම අස්වැන්නට නිසි මිලක් නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පොළොන්නරුව ඇලහැර ගොවිජනපදයේ ලොකු ලූනු ගොවීන් සඳහන් කරති.
බෝවතැන්න ජලාශයේ අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා ජලය ඉවත් කිරීම හේතුවෙන් අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙසත් සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීමට බහින ජනතාවද අනාරක්ෂිත රොන්මඩ නිසාවෙන් ජිවිත අවධානයක් ඇති බව බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අදඅ (25) අලුයම දියවන්නා වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසි කියයි
ඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි 09/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණු උත්සවය අමතමිනි.
කලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුර වීමෙන් ජීවිත අවදානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීහු පවසති. අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදය අධික ලෙස ඉදිමීමකට ලක්ව මේ දිනවල ඇවිද යාමේ අපහසුතාවට පත්ව ඇති බවත් ඇතා ගමන් කරද්දී ඉදිරි වම් පාදයට බර නොදී ඉතිරි පාද තුනෙන් ගමන් ගන්නා අයුරු දැකීම අග්බෝ සමීපයට යන කාගේත් නෙතට කඳුළක් ගෙන දෙන දසුනක් වී තිබේ.
බෙලිඇනයා (Barnacle) නමින් හදුන්වන මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටී බව පානදුර පොලිස් ජීවත ආරක්ෂක ඒකකය පවසයි.
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝයන්ත්‍රයක් පටවා ගෙන යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථය ක සහ යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් යුදහමුදා සෙබළකු සමග තවත් පුද්ගලයකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
කරුණාරත්න පරණවිතානගේ මහතා නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03දා) දිවුරුම් දුන්නේය.
මෙරට සහල් යොදාගෙන සහල් ආශ්‍රිතව “සහල් යෝගට්” නිෂ්පාදනයක් සිදු කිරීමට මහනුවර උසස් තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන එස්.ඩි. වෙනුක කිත්මිණ සමත්ව තිබේ.
මෝටර් වාහන කර්මාන්තය සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) යටතේ දේශීයව නිෂ්පාදනය කරන ලද Cargo ට්‍රක් රථයක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත හඳුන්වාදීම ඊයේ සවස (26) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිණි.
මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy) යුද නෞකාවන් වන “HE FEI”, “WUZHISHAN” සහ “QILIANSHAN” යන යුද නෞකා ත්‍රිත්වය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 26) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Okane’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 21) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව දරාගත් ඉන්දිරාජා හස්තියා සවස 6.57 ට යෙදුණ සුබ මොහුර්තියෙන් සඳගල පා තැබීමත් සමඟ අවසන් රන්දෝලි මහ පෙරහරේ සමාරම්භය සනිටුහන් වූ අතර ඉන්දි රාජා හස්තියාගේ පරිවාර ඇතුන් ලෙස ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ මියන් රාජා සහ කෝට්ටේ රජමහා විහාරයට අයත් කෝට්ටේ රාජා යන හස්තීන් ගමන් කළේය .
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Spruance’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 19) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.
නිවුන් දරුවන් පනස් හතර දෙනකු අධ්‍යාපනය ලබන පාසලක් පිළිබඳ, පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයෙන් අපට හමුවිය. ඒ ,දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයයි.
ෆින්ලන්තයෙන් කුශ් නැමති මත්ද්‍රව්‍ය බිජ ඇතුළු අනෙකුත් රසායනික ද්‍රව්‍ය ආනයනය කර මාලඹේ පිට්ටුගල කහන්තොට පාරේ සුපිරි නිවාස සංකීර්ණයක දෙමහල් නිවසක ශීතාගාර තුළ කුශ් බීජ රෝපණය කරමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යමින් ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනා කුශ් මත්ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ සිදුකෙරුණි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
එසේම මෙරට කාන්තාවන්ගෙන් 48%ක් නියමිත ශරීර බර ප්‍රමාණයට වඩා වැඩි බවත් පිරිමින්ගේ එම ප්‍රතිශතය33.3%ක් වන බවත් එහිදී පෙන්වා දුන් ලේකම්වරයා, බෝ නොවන රෝග සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ පුද්ගල ආහාර රටාව වන බවද පෙන්වා දුන්නේය.
තමා ගිහියෙකු ලෙස සිට වෘත්තීමය ඉංජිනේරුවකු ලෙස සේවය කරමින් හා ව්‍යාපාරිකයකු ලෙස සාර්ථකවෙමින් මේ වන විට මිලියන ගනන් මුදල් හරිහම්බ කරගෙන සිටින බවත් ඒ කිසිවකින් තමාට නොලැබූ සතුට බුදු දහමින් ලැබූ බවද සරණ හිමියෝ පැවසූහ.මෙහි සියලුම ගෞරවය සහ පිං සිය ගුරු හාමුදුරුවන් වන කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ට ලැබිය යුතු බවත් උන්වහන්සේ තමාට ගැඹුරු බුදු දහම ඉතා සරලව අවබෝධ කර දුන් බවද උන්වහන්සේ කීහ.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජුලි 23) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
කොහු තොගයක් රැගෙන එමින් තිබු විශාල ලොරියක් විදුලි රැහැනක පැටලීමේන් ගිනි ගැනිමකට ලක්ව ලොරි රථය හා කොහු තොගය සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.