තබ්බෝවේ වාන් දොරටු දෙකක් අරියි
තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද 12 දින අලුයම සිට අගල් 6 බැගින් විවෘත කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.
තබ්බෝව ජලාශයෙ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමත් සමග වාන් දොරටු දෙකක් අද 12 දින අලුයම සිට අගල් 6 බැගින් විවෘත කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.
හලාවත නගරයේ රජයට පක්ෂව පැවති ආධාරකරුවන්ගේ පෙළපාලියකට රජයට විරුද්ධව පැමිණි විරෝධතා කරුවන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර සහ හුහඩ නැගීම හේතුවෙන් දැවැන්ත ගැටුමක් සිදුවීමට ගිය අවස්ථාවේ පොලීසියේ මැදිහත් වීමෙන් එය වළකා ගැනීමට හැකිවිය.
“කුරුඳු, එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, වසාවාසි, සාදික්කා,කොත්තමල්ලි, සූදුරු, මහ දුරු, ඉඟුරු, වැනිලා, සීනි, නැවුම් කිරි සහිත උණුසුම් චායි කෝප්ප 1050ක රසය ඉක්මනින් අවසන් විය.. සැමට ස්තුතියි!”යැයි මේ පිළිබඳව තොරතුරු සටහන් කළ ෆෙස්බුක් පෝස්ටුවක දැක්වෙයි.
උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළකරමින් තංගල්ල නගරයේදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.
දින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කිරීමේන් ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් නැවතී ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සැසිවාරය එක්වීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.
විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත ආණ්ඩුවට එරෙහිව රට පුරා පවතින විරෝධතා තීව්‍ර වී තිබේ. මේ අනුව දිවයිනේ සෑම නගරයකම පාහෝ විශාල ජනතා පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතා පැවැත්වෙමින් පවතී.
රාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.
ඇඳිරි නීතිය ඉවත්කිරීමත් සමග රටපුරා ජනතාව මහා මාර්ගවලට පිවිස විරෝධතා පවත්මින් සිටින බව අප ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.
බලශක්ති, සංචාරක, විදේශ රැකියා සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවර්ධනයට බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව සහ ඊජිප්තුව යන රටවල සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අද (31දා) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවීම් වලදී සඳහන් කෙරිණි.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් පැවසිය.
රටේ වත්මන් අර්බුදයට යම් අස්වැසිල්ලක් ලබාදෙමින්,මන්නාරම අඩම්පන් පොලිස් ගොවියෝ සිය අක්කරයක කුඹුරේ කීරි සම්බා අස්වැන්න ඊයේ (28දා) නෙලා ගනු ලැබූහ.
හාල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පවතින ආර්ථික අහේනිය නිසා දලුකාන ගම්මානයේ ආදිවාසි පවුල් 10 කට ආසන්න පිරිසක් දින කිහිපයක සිට දිඹුලාගල කන්ද සහ අවට කැලෑ පීරා මහ පොළොව හාරමින් කටු අල, ඇතුළු අල වර්ග ගෙනවිත් තම දරු පැටවුන් සමග බත් වෙනුවට තම්බාගත් අල වර්ග වලින් කුස පුරවා ගැනීමට සිදුව ඇති බව දලුකාන ආදිවාසී පවුල් සඳහන් කරති.
තම බිරිඳ සම්බන්ධයෙන් නෙමනා විහිලුවක් කළ ඔස්කාර් නිවේදක ක්‍රිස් රොක් වෙත කනේ පහරක් එල්ල කිරීමට සුපිරි නළු විල් ස්මිත් කටයුතු කළේය.
ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින හ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වෙයි.
වසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ගුවන් ගමන් අද (27දා)ආරම්භ කෙරිණි.
සංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකියි. ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත් විදේශීය රුවල් යාත්‍රාවක් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට ඊයේ (22දා) නාවික හමුදාව කටයුතු කරන ලදී.
රටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .
වසර 50 කට පමණ පසු පාරිභෝගිකයන්ගෙන් චිමිනි ලාම්පු සහ අඟුරු ස්ත්‍රික්ක වලට විශාල ඉල්ලුමක් පවතින බවත්, ඒ අනුව චිමිනි ලාම්පු සහ අගුරු ස්ත්‍රික්ක අලෙවි කිරිම සදහා වෙළෙඳ පොළට රැගෙන ආ බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ
මාස ගණනාවකට පසු නුවරඑලියේ ලාෆ් ගැස් අලෙවි නියෝජිතයන්ට බෙදා හැරිම සදහා සමාගම විසින් නුවරඑලියට පැමිණි ලාෆ් ගෑස් ලොරි රථය වටලා ලොරි රථයෙන් ගෑස් මිල දි ගැනිමට නුවරඑලිය ප්‍රදේශයේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් අද (23දා) පියවර ගැනිණි.
ශ්‍රි ලංකාව කියන්නේ හොඳ රටක් ඒ වගේම හොඳ මිනිස්සු ඉන්නේ,අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැති බව, ජර්මනියේ සිට ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කාන්තාවක් ඊයේ (22දා) නුවරඑලියේදි පැවසිය.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට නැරඹීම සඳහා විවෘත කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21දා) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.
Sail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිදැක්වීම කොළඹ වරාය නගරයේදී සිදුවිය.
“දැයක් නගන සියක් නගර” සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණු බද්දේගම නගර අලංකරණ ව්‍යාපෘතිය පසුගිය 15 වන දින වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ජනතා අයිතියට පත් කරනු ලැබීය.
සීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයෝ පවසති.