තම බිරිඳ සම්බන්ධයෙන් නෙමනා විහිලුවක් කළ ඔස්කාර් නිවේදක ක්‍රිස් රොක් වෙත කනේ පහරක් එල්ල කිරීමට සුපිරි නළු විල් ස්මිත් කටයුතු කළේය.

විල් ස්මිත්ගේ බිරිඳ මේ වන විට හිසකෙස් ගැලවී යාමේ රෝගයෙකින් පීඩා විදිමින් සිටියි. ඇය ඒ සම්බන්ධව ප්‍රසිද්ධව ප්‍රකාශයට පත් කර තිබේ.

ක්‍රිස් රොක් ඔස්කාර සම්මාන උළෙලේදී විල් ස්මිත්ගේ බිරිඳව ජී.අයි. ජේන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සමාන කරමින් මෙම විහිලුව කළේය.

ජී.අයි. ජේන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපයන කරන ඩෙමී මූර් සෙබළියකට සමානව හිස මුඩු කර රංගනයේ යෙදෙයි.

මේ වන විට ස්මිත්ගේ බිරිඳද රෝගී තත්ත්වය හේතුවෙන් හිස මුඩු කර තිබේ. 

ක්‍රිස් රොක් රැදී සිටි වේදිකාවට පිවිසෙන ස්මිත් ඔහුට පහරක් එල්ල කර යළිත් තම ආසනය වෙත ගොස් කෑ ගසා පවසන්නේ 'මගේ බිරිඳගේ තම තමුන්ගේ කටින් ඈත් කරනවා'  යනුවෙනි.

විල් ස්මිත් පසුව ඔස්කාර්හි හොඳම නලුවාට හිමි සම්මානය හිමිකරගත අතර එහිදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට කටයුතු කළේය.

0 comments

Leave a Reply

Post Comment