මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල හිරිකැටිය වෙරළ තීරයේදැනට අනවසර ඉදිකිරීම් සිදුකර ඇති ස්ථාන 24 ක ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් 04 පෙරවරුවේ කටයුතු කර තිබේ. වෙරළ මත සහ වෙරළ ආසන්න ස්ථිර තුරුලතා තීරයේ සිට ගොඩබිමට මීටර් 10 ක සීමාව ඇතුළත පවතින සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කළ ඉදිකිරීම් සදහා අයත් විය.
මෙම ඉදිකිරීම් ඉවත්කර ගන්නා ලෙස අනවසර ඉදිකිරීම්කරුවන්ට දැනුම් දී තිබුනත් එම ඉදිකිරීම් ඔවුන් විසින් ඉවත්කර නොතිබු නිසා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉවත් කිරීම් සිදු කරන ලදී.
හිරිකැටිය වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ කර්තව්‍යය සඳහා දික්වැල්ල පොලිස් ස්ථානාධිපති එල්.පී.බී සමරසිංහ මහතා ද, නියෝජ්‍ය පොලිස්පති( මාතර හම්බන්තොට දිසාව ) නිශාන්ත සොයිසා මහතා ද, මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා ද මේ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.
මීට අමතරව පසුගිය ජුනි 01 දින පොතුවිල් හි අනවසර ඉදිකිරීම් කිහිපයක් ඉවත් කළ අතර, මින් ඉදිරියට ද දිවයින වටා මුහුදු තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කර සුන්දර වෙරළ තීරයක් නිර්මාණය කිරීමට වැඩපිළිවෙළක් දියත් කිරීමට මූලික කටයුතු සිදුකරගෙන යමින් පවතී.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට


