මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්රතිමා වහන්සේ නමක් තනවා අවසන් කොට පිළිම වහන්සේ රංගිරි දඹුල්ල ජාතික පාසල් භූමියට වැඩම කරවීම 06 දින සිදු කෙරිණි
දඹුල්ල ජල ක්රි හා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජික සමාජිකාවන් තම ගුරුවරයා වූ විශ්රාමික උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතාගේ වි ශ්රාම ගැන්වීම සිහිකිරීම සහ උප පොලිස් පරීක්ෂකවරයා සිදුකඅනුපමේය සේවය ඇගයිම සදහා ඔහුගේ ගෝල බාලයන් සිසු සිසුවියන් ගුරුවරයෙකුට කරන උපහාරයක් ලෙස මෙම වටිනා ප්රතිමාවහන්සේ නෙළීම සිදු කළහ .
මිට මාස හතරකට ඉහතදී ගලේවෙල දේවහුව ප්ර දේශයේ ගල් වලකින් මහ පොලොව යට තැන්පත්ව තිබුණු සුදු පැහැති මහා විශාල ගල් කුට්ටියක් එලියට ගෙන දඹුල්ල ඉබ්බන්කටුව ප්ර දේශයේ ඉඩමකට රැගෙන විත් කුරුණෑගල මණ්ඩලපොල ප්ර දේශයේ පදිංචිව සිටින ඩබ්ලිව් .එච් .ගාමිණි සෙල්ටන් ජයවීර මහතාට ගල් වඩුවානන්ට භාරදී නිර්මාණය කරන්නට විය .
ඒ අනුව තවත් ගල්වඩු ශිල්පියෙකු වන දේවා මහතාගේ ද සහාය ඇතිව ගාමිනී මහතා ෙම බුද්ධ ප්රතිමා වහන්සේ ගේ එහි සියලු වැඩ අවසන් කොට තිබිණි