මහවැලි ව්‍යාපාරයේ අවසාන වාරි කර්මාන්තය බවට පත් වූයේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි. මේ දිනවල පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය සීඝ්රයෙන් පහත වැටෙමින් පවතී.
ඒ අනුව මොරගහකන්ද ජලාශයට යටවුණු ගම්මාන රැසක් මේ වනවිට නැවතත් මතු වී ඇති අයුරු දැක ගැනීමට හැකි විය.
මොරගහකන්ද කළුගඟ ජලාශ සඳහා ග්‍රාම සේවා වසම් හතක විශාල භූමියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබිණි. මේ දිනවල පවතින ජලය අඩු වීම හේතුවෙන් හතේ කණුව, කෝංගහවෙල ,කඹරව, මොරගොල්ල, ඇතුළු පැරණි ජනපද වල නටඹුන් මතුවී තිබේ.
කෝංගහවෙල ප්‍රදේශයේ බුදුපිළිම සහ නිවාස ආදී බොහොමයක් සම්පූර්ණයෙන්ම ජලය බැස ගොස් දැකබලා ගැනීමට හැකි වී තිබේ . වසර කිහිපයකට පසුව ගම්බිම් ජනතාවට දැක බලා ගැනීමට හැකිවීම විශේෂත්වයකිිි
ලංකා සිතියමෙන් සම්පූර්ණයෙන් මැකී ගිය ගම්මාන මෙසේ නැවත වරක් දැකගැනීමට හැකිවීම ද මෙහි විශේෂත්වයකිි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ මොරගහකන්ද ජලාශයට යට වුනු කෝංගහවෙල ප්‍රදේශයේ ගම්මානවල නටබුන් වෙයි










