තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක ප්‍රදානයක්
- 1 10 2021
- 19:54
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද (01දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.
මෙම එන්නත් තොගය රාත්‍රී 06.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට මාලදිවයින ඔස්සේ පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලිප්ස් , සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඊයේ දිනයේදිද කොවැකස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04ක් ප්‍රමාණයක් ගෙන ආවේය.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
