චන්දිමාල්ගේ සොහොයුරාගේ ශතකයෙන් සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමින් තොරව නිමවෙයි
89 වැනි ආනන්ද-නාළන්ද සුලෝහිත සංග්‍රාමය අද (04) ජය පැරදුමින් තොරව නිමා විය. තරගයේ අවසන් දිනයේ දෙවැනි ඉනිමේ ලකුණු 54 ක් පසුපසින් ඉනිම ආරම්භ කළද ආනන්ද කණ්ඩායම වෙනුවෙන් කමේෂ් නිර්මාල් විශිෂ්ඨ ඉනිමක් දියත් කලේ නොදැවී ලකුණු 100 ක් ලබමිනි. 17 හැවිරිදි කමේෂ් , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ බාල සොහොයුරාද වේ.
නාළන්ද විදුහල වෙනුවෙන් උමේක්ෂ දිල්ෂාන් කඩුළු 3 ක් දවා ලීය.
තරගයේ කාසියේ වාසිය දිනූ නාළන්ද විදුහල පළමුව පන්දුවට පහරදීමට නාළන්ද විදුහලට ආරාධනා කලේය. ඒ අනුව නාළන්ද විදුහළ සිය පළමු ඉනිමට පන්දුවාර 64.3 කදී සියල්ලන් දැවී ලකුණු 213 ක් රැස් කලේය.
කෙසේ වෙතත් ආනන්ද විදුහල් පළමු ඉනිම ලකුණූ 141 කට සීමා කිරීමට නාළන්ද පන්දු යවන්නන් සමත් විය. එහිදී ආනන්ද ඉනිම විනාශ කළ සුහඟ විජේවර්ධන කඩුළු 6 ක් දවා ලීමට සමත් විය.
තරගයේ වීරයා ලෙසින් නාළන්ද විදුහල් නායක ලක්ෂිත රසාංජන සම්මාන දිනා ගත් අතර දක්ෂතම පිතිකරු ලෙසින් ආනන්ද විදුහලේ ශතක ලාබී කමේෂ් නිර්මාල් ද දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සුහග විජේවර්ධන සම්මාන දිනා ගත්තේය.
ඡායාරූප- ක්‍රිශාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.













