ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා
කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව කළුගල් ගුහාවක් තුළ කල් ගෙවූ 71 වියෙහි පසුවන මිත්තනියකටත් 34 වියෙහි පසුවන මවකටත් පිය සෙනෙහස අහිමි ඔවුන්ගේ දියණියන් තිදෙනාටත් කොළඹ විශාකා විද්‍යාලයේ සියවස් සැමරුම සමරමින් විදුහල්පතිවරියගේ හා නියෝජ්‍ය විදුහල්පතිවරියගේ මැදිහත් වීමෙන් අංගසම්පූර්ණ නිවසක් ඉදිකර බාර දීම පසුගිය දිනක සිදුකෙරිණි.
ඒ අනුව විදුහල්පතිවරියවූ සඳමාලි අවිරුප්පෙරුම මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිනිය වන කළණි සුරියප්පෙරුම මහත්මියගේ මග පෙන්වීම අනුව විද්‍යාලයේ සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ මැදිහත්වීමෙන් හෙම්මාතගම ආර්ථික අසරණතාවයට පත්වූ මවක හා දරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඔවුන් මෙවර සිය ශක්තිය යෙදවූයේය.
විශේෂයෙන් විශාකාවියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායිකාව වූ ලක්ෂි රණසිංහ දියණියගේ පියාණන් වන බටහිර ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාගේ උපදේශකත්වයෙන් 583 වන බළසේනාවේ බ්‍රිගේඩියර් නිහාල් අමරසේකර හා ඔහුගේ සේනාංකයේද සහායද මෙම සත්ක්‍රියාව සඳහා නොමදව ලැබුණි.
මීට අමතරව හෙම්මාතගම ප්‍රදේශීය ලේකම්වරිය වන දිලක්ෂි පොතේගම මහත්මිය දියණියන්ගේ මෙම සත්කාරයට මග පෙන්වීම සහ සහයෝගය ලබා දෙමින් සිය කොට්ඨාසය තුළ උපකාර හිමිවිය යුතු අඩු ආදායම් ලාභී විශාල පිරිසක් අතරින් සමෘද්ධි ආධාර වශයෙන් රුපියල් 3000ක පමණක් ආදායමක් ලබන 34 හැවිරිදි තමරා ප්‍රියංකා කුමාරි වූ තිදරු මව නිවැරැදිම තැනැත්තිය බවට තෝරාදීමට කටයුතු කර තිබුණි.
මෙහිදී ගඩොලින් ඉදිකරන ලද අංග සම්පූර්ණ නිවසට අමතරව ගෑස් උඳුන් හා මුළුතැන්ගෙයි උපකරණද, වැසිකිළි හා අංග සම්පූර්ණ නාන කාමරක්ද, ඉගැනුම් කටයුතු සඳහා අවශ්‍ය පොත් මේස පුටු පමණක් නොව රූපවාහිනී හා ගුවන් විදුලි යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණද පරිත්‍යාග කෙරිණි.
විශ්ව ගැමුණු ප්‍රියංකර
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd