කුරහන් පාට දුම්රිය මැදිරි එයි
කොරෝනා වසංගත කාලයට පෙර දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බවත් මේ වන විට එම මැදිරි ගොඩබෑමේ කටයුතු අරඹා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය.
මෙම කුරහන් පැහැගත් දුම්රිය මැදිරි ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මැදිරි බවද ඒ මහතා පැවසීය.
කොළඹ වරායට පැමිණ ඇති මැදිරි පිළිබඳව අප කල විමසීමේදී ඒ මහතා මෙසේ පැවසීය.
“මෙරටට ගෙන එනු ලැබූ මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක්.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් දෙදහස් විසිඑක මාර්තු මස මෙරටට රැගෙන ආ අතර අද දින ලැබී ඇති මැදිරි තිහ සමග ලැබී ඇති මැදිරි මුළු ගණන 40 ක්.
ඇනවුම් කොට ඇති මැදිරි 160 යටතේ තවත් මැදිරි එකසිය විස්සක් ලැබීමට නියමිතයි.
ගෙන්වු මැදිරි කට්ටල අතර 3වන පංතියේ මැදිරි දහතුනක්, 2වන පංතියේ මැදිරි අටක්, 3වන පංතියේ තිරිංග මැදිරි හතරක්, 2වන පංතියේ තිරිංග මැදිරි එකක්,1වන පංතියේ වායුසමන මැදිරි තුනක්,තැපැල් තිරිංග මැදිරි 1 තිබෙනවා.
එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බව සඳහන් කල ඒ මහතා මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බව පැවසිය.
එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා






popular news
-
Annbaranasuriya Sunday, 25 July 2021 11:19 PM
He is a great man. His duty perfect. He's doing good job
Reply : 0 0
Piyadasa.ariyapala. Monday, 26 July 2021 08:37 AM
Honda.thorathuru.dena.watina.sewayki.sthuthie.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

