මංකොල්ල කෑ සියලු මුදල් අත්කර ගැනීමේ මෙහෙයුම් අරඹනවා
අද රට නැත්තටම නැති වී ඇති බවත් මේ දුර්දාන්ත පාලනය වහාම පෙරළා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනතා මුදල් මංකොල්ල කමින් සිදු කොට ඇති විනාශය නතර කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා, එලෙස මංකොල්ල කන ලද සියලු මුදල් රටට අත්පත් කර ගැනීමේ මෙහෙයුම ද ආරම්භ කරන බව පැවසීය.
"ගෝඨා රනිල් ශාපය අවසන් කරමු" මැයෙන් සමගි ජන බලවේගය ප්රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු පිරිස් විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතාවයට අද (30දා) පස්වරුවේ කොටුව දුම්රිය පොල පරිශ්‍රයේදී එක්වෙමින් විපක්ෂනායකවරයා මෙම අදහස් දැක්විය.
රට අරාජිකකත්වයට ඇද දැමූ දුර්දාන්ත පාලනයට එරෙහිව දේශපාලන නායකයින්, සිවිල් සහ වෘත්තීය ක්‍රියාකාරීන් මෙන්ම පොදු ජනතාව විශාල පිරිසක් ද ඊට එක්ව සිටියහ.
මේ ආණ්ඩුව රටේ සමස්ත ජනතාව බරපතළ අර්බුදයකට ලක් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා අධ්‍යාපනය සෞඛ්‍යය කෘෂිකර්මාන්තය ඇතුළු සියල්ල විනාශ කොට දමා ඇතැයිද පැවසීය. නව ජනවරමක් තුළින් පිරිසිදු පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් ඇප කැප වෙන ලෙස ද විපක්ෂ නායකවරයා ජනතාවගෙන්තු ඉල්ලා සිටියේය.






popular news
-
Kumar Sunday, 03 July 2022 02:34 PM
oya kathawata rawatenawanam lankawe inney modayo.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

