ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා
ඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කෙරේ.
අද (05) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු මහා විහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් වසරක් තුළ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කෙරිණ.
ඓතිහාසික චාරිත්රයන්ට අනුව නව ගොඩනැඟිල්ල සඟසතු කොට සන්නස් පත්‍රයක් මගින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ට ජනාධිපතිවරයා අතින් පූජා කෙරිණ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ගොඩනැඟිල්ලේ යතුර අනුනායක හිමියන් වෙත පූජා කළේය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ආශිර්වාද පළ කළහ.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපතිතුමා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd