’ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය දිය යුතුයි’
දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති.
විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
රට ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා නොබියව එම අභියෝගය භාරගෙන තිබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු අභියෝග ජය ගැනීමට ඔහුට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24දා) පස්වරුවේ සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එහිදී අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා චෛත්‍ය රාජයාණන් වහන්සේ, බෝධීන් වහන්සේ සහ බුද්ධ මන්දිරය වැද පුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වූ අතර විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් වන සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානය හෙලෙනා විජේවර්ධන මහත්මිය සහ දොන් පිලීප් විජේවර්ධන මහතා සඝ සතු කොට පූජා කරන ලද පිංබිමකි.
බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, පා.ම. සුරේන් රාඝවන් යන මහත්වරු සහ දායක සභාවේ සභාපති අමරි මන්දිකා විජේවර්ධන,ලේකම් චන්න වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





popular news
-
Nuwan Monday, 25 July 2022 08:01 AM
අනේ හාමුදුරුවනේ. වැදි බණ කියන්නට එපා.. 6 වතාවක් අගමැති වෙලා aurudu 35 ක් vithara පාර්ලිමේන්තු ඉඳලා කරන්න බැරි wechcha එක මේ nakiya komada කරන්නේ. ඔබ වහන්සේ ලා thamai මේ රට විනාස කරන එවුන්ට පිරිත් නූල් ගැට ගහලා ආරක්ෂා කරන්නේ..
Reply : 0 78
Lelwala Monday, 25 July 2022 11:55 AM
සිංහල බෞද්ධ නායකයන් බලයට පත්විමෙ නැවත්විම සදහා කරන කුමනිත්රනයක් දැයි සැකයකි .
Reply : 1 0
mdisanayake Friday, 29 July 2022 09:11 AM
he is the leader of the nation.he'll be able re build the country.pl.see the situation now
Reply : 9 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
