හෝකන්දර මුද්‍රණ සංකීර්ණයට හරිත රිදී සම්මානය
ජාතික හරිත සම්මාන උලෙළේ පෞද්ගලික කර්මාන්ත අංශයේ රිදී සම්මානය හිමි කරගැනීමට විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ සංකීර්ණය අද (12දා) සමත්විය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍ර‘යේදී ඊයේසවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උලෙළ පැවැත්විණි.
2013/14 වසරට අදාළව මෙම හරිත සම්මාන උලෙළ පැවැත්විණි.
හෝකන්දර මුද්‍රණාල සංකීර්ණයට හිමි සම්මානය එහි සහාකර සාමාන්‍යාධිකාරී ජනක රත්නකුමාර මහතා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අතින් ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.
මෙම කාණ්ඩයේ රන් සම්මානය වර්චුසා ආයතනයටත්, ලෝකඩ සම්මානය එක්ස්පැක්ට් කොරුගේට්ඩ් කාටූන්ස් ආයතනයටත් හිමිවිය.
හෝකන්දර මුද්‍රණ සංකීර්ණයට හිමි සම්මානය ලබාගනිමින්
ඡායාරූප කුෂාන් පතිරාජ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

