ලක්ෂපාපන ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කිරිම සදහා එම ප්‍රදේශයේම පිරිසක් එක්ව කරත්ත දෙක්ක නිර්මාණය කර ඇත.
සම්පුර්ණයෙන්ම ලීයෙන් නිර්මාණය කර ඇති මෙම කරත්ත දෙකේ නිර්මාණ කටයුතු මෙතෙක් සම්පුර්ණ කර නොමැති අතර, එම කරත්ත දෙකේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සහිතව එම කරත්ත දෙක තව දුරටත් වැඩි දියුණු කරන බවයි එම කරත්ත නිර්මාණකරුවන් කියා සිටින්නේ.
නෝර්ටන්බ්‍රිජ් ලක්ෂපාන ප්‍රධාන මාර්ගය අධික බෑවුම් සහිත මාර්ගයක් බැවින් එම මාර්ගයේ ගමන් ගන්නා අයට ලක්ෂපාන දිය ඇල්ල පැහැදිලිව නිරික්ෂණය කිරිමටද හැකියාවක් ඇත.
එම මාර්ගයේ 2 කණුව දක්වා කරත්ත දෙක කදුමුදුන දක්වා වාහනයකින් ඇදලෙන ගොස් එතැන් සිට සංචාරකයන් රැගෙන ලක්ෂපාන දක්වා බෑවුමේ ධාවනය කිරිමටයි එම කරත්ත නිර්මාණ කරුවන් අදහස් කර ඇත්තේ.
පසුගිය දා ලක්ෂපාන ප්‍රදේශයේ සංචාරයේ නියැලුනු සර්වජන බලයේ නායක දිලිත් ජයවීර සහ හිටපු අසමාත්ය දිලුම් අමුණුගම යන මහතුන්ද එම කරත්ත දෙක නිරික්ෂණය කල අතර, එහිදි කරත්ත දෙකේ නිර්මාණකරුවන්ට දිලිත් ජයවීර මහතා කියා සිටියේ කරත්ත දෙකේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන් ආරක්ෂා සහිතව ප්‍රවාහනය කිරිමට කරත්ත දෙක තව දුරටත් වැඩිදියුණු කර ධාවනයට එක් කරවන ලෙසයි.





