වූහාන් වසාදැමීම ඉවත් කරයි
වුහාන් (ෂින්හුවා) - මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය සති 11ක කාලයක් වසා දැමීමෙන් පසු අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ එහි වසා දැමීම් විවෘත කිරීමට චීනය කටයුතු කළේය.
ඒ අනුව වූහාන් නුවරින් පිටතට ගමන් කිරිම සඳහා බෝහෝ පිරිසක් අධිවේගි මාර්ගයේ ගෙවිම් කරන ස්ථානවල හා දුම්රියන්ට ගොඩවීම සඳහා පැමිණ සිටියේය.
අධිවේගී මාර්ගවලින් අද (08දා) වාහන විශාල පිරිසක් වූහාන් නුවරින් පිටතට ගමන් කරනු ඇතැයි වුහාන් රථවාහන පොලිසිය විශ්වාස කරයි.
දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ අගනුවර වන ගුවැන්ෂු බලා ගමන් කරන බදාදා අලුයම් දුම්රිය වන K81 දුම්රියට එක්වීම වෙනුවෙන් මගීන් 442ක් වුචැං දුම්රිය ස්ථානයේ සිටියේය.
මගීන් 55,000 කට වැඩි පිරිසක් බදාදා දිනයේදී දුම්රිය භාවිතයෙන් වූහාන් නුවරින් පිටත්වීමට අපේක්ෂා කරයි.
මගී දුම්රිය 276 ක් වුහාන් සිට ෂැංහයි, ෂෙන්ෂෙන් සහ වෙනත් නගර කරා පිටත්වීමට නියමිතය.
වුහාන් ටියැන්හේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ බදාදා අලුයම දේශීය මගී ගුවන් ගමන් නැවත ආරම්භ කළේය. ඒ අනුව බදාදා දිනයේදී එම ගුවන් තොටුපොළින් ගුවන් ගමන් වාර 200ක් පමණ සිදුකිරීමට නියමිතය.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

