ශ්රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ (Mrs Sri Lanka World - 2025 ) ප්රධන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දී ප්රථම ස්ථානය දිනා ගත් , දකුණු අප්රිකානු ජාතික ෂෙගෝ ගලේ ( Tshego Gaelae ) මහත්මිය 09/29 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය 09/30 දින සිට 10/02 දින දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය . ෂෙගෝ ගලේ මහත්මිය 09/29 දින පස්වරු 05.05 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය පිළිගැනීම සදහා 2024 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් ශ්රී ලංකා විවාහක රූ රැජින ඉෂාදි අමන්දා මහත්මිය , මෙම ශ්රී ලංකා තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ මෙම තරගාවලියේ පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ " ගෝල්ඩ් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

