අද 05 අලුයම 0230 ට පමණ කොළඹ සිට අක්කරේපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථය හා කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ මැක්සිමෝ බට්ටා වර්ගයේ ලොරි රථය නාරම්මල පොලිස් ස්ථානයට මීටර් 200 පමණ දුරින් පිහිටි රිවසයිඩ් හෝටලය අසල දී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු හා තවත් පුද්ගලයින් දෙදනකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා නාරම්වල හා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව නාරම්වල පොලිසිය කියයි.
මෘත ශරීර දෙකක් නාරම්මල රෝහලේ තැන්පත් කර ඇති අතර කුරුණෑගල රෝහලට ඇතුලත් කල පුද්ගයකුද මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41, 80 සහ 82 හැවිරිදි ලොරි රථයේ ගමන් කළ පොළොන්නරුව ප්රදේශයේ පදිංචි කරුවන් බවත් පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රියදුරු හා ඔහුගේ නැන්දම්මා හා මාමණ්ඩිය බවත් තුවාල ලැබූ කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබන අතර බස් රථයේ ගමන් කළ මගීන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත.
මෙම අනතුර සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සදලංකාව - හේමලතා ඩී හේවගේ



