www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
රිටිගල බන්දා පොකුණ කැණීම් කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ කෙරිණි.
ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, අධ්යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, රිටිගල ව්‍යාපෘතියේ සහකාර අධ්යක්ෂ පූජ්‍ය ගොඩාමුණේ පඥ්ඥාසීහ ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්වූහ.
මෙහි කැණීම් කටයුතු වසර හතරකින් කටයුතු අවසන් කිරීමට නියමිතය.
ඉපැරණි බන්දා පොකුණ ජෛව විද්‍යාත්මක වටිනාකමකින් හෙබි ස්වභාවික මෙන්ම පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකමින් යුත් රිටිගල පුරාවිද්‍යාත්මක රක්ෂිතයේ පිහිටා තිබේ.
උතුරු මැද පළාතේ පලුගස්වැව සහ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පිහිටා ඇති රිටිගල පුරාවිද්‍යා භූමිය දඹුලු, සිගිරි පර්වත මෙන් වසර දහස් ගණනක් පුරා සිදුවූ භූමි ඛාදනයේ ප්‍රතිඵල මගින් නිර්මාණය වූවක් ලෙස සැලකේ.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd