රිජ්වේ රෝහලෙන් විශේෂ ඉල්ලීමක්
වැඩිහිටියන්ට මෙන් ළමා කොවිඩ් ආසාදිතයන්ට ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මේ වන විට රිජ්වේ ළමා රෝහලේ කෝවිඩ් ආසාදිත දරුවන් 152ක් ප්‍රතිකාර ලබන බවත් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පවසයි.
මීට පෙර එම රෝඑලේ එක් වාට්ටුවක් පමණක් කොවිඩ් වෙනුවෙන් වෙන්කර තිබුණත් ඩෙල්ටා ප්‍රභේදය පැතිර යෑම සමග ළමුන් රෝගීවීමේ ප්රවනතාව ඉහළ නිසා මේ වන විට වාට්ටු 4ක් වෙන් කර ඇති බවද ඔහු සඳහන් කරයි.
මේ වන විටත් කොවිඩ් ආසාදිත අවුරුදු 2 -14 අතර රෝගී දරුවන් නිවෙස් වෙත තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.







popular news
-
appu Sunday, 15 August 2021 10:23 PM
jayasumane ohe makkayi me koranne vayiras eka mulin uputa damanna barida api ehema koramu budu sarane
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

