ඇල්ල වැල්ලවාය මාර්ගයේදී හමුවන රාවණා ඇල්ල ප්රදේශයට ඇද හැලෙන මහ වැස්සත් සමඟ දිය ඇල්ල සැඩවී ඇත. මීටර් 25 පමණ උස කිරිඳි ඔයෙන් ආරම්භ වන රාවණා ඇල්ලේ ජල පෝෂිත ප්රදේශවල වන ඇල්ල කඳුවැටියට මේ දිනවල ඇදහැලෙන මහ වැස්සත් සමඟ රාවණා ඇල්ලට ලැබෙන ජලය වැඩිවී දිය ඇල්ල ගසා බසී.
ජල පහරද සැඩවී ඇති අතර එහි ගල් ද ලිස්සන ස්වභාවයක් ගනී. දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් දියනෑමෙන් වළකින ලෙස ඇල්ල පොලීසිය ඉල්ලා සිටී.
මොනරාගල සුමනසිරි ගුණතිලක

