මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේ විලියම් ගොපල්ලව මාවතේ උසාවි සංකීර්ණය ඉදිරිපිට දී දුම්රිය මාර්ගය ගිලා බැසීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිට තිබේ.
අද (11) පෙරවරු 8.15 ටපමණ මෙම ගිලා බැසීම සිදුවී ඇති අතර යම් හෙයකින් මෙම ස්ථානයෙන් දුම්රියක් ගමන් කරන විට මෙම ගිලාබැසීම සිදුවූයේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බව මහනුවර දුම්රිය මූලස්ථානය කියයි.
මෙම ගිලා බැසීම හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට ළඟා වීමට සහ පිටවීමට ඇති නුවර කොළඹ නගරාන්තර දුම්රිය ඇතුළු සියලු දුම්රිය දින ගණනාවකට මහනුවර දුම්රිය ස්ථානයට ලඟා වීමට බාධා පැමිණිය හැකි බව මහනුවර දුම්රිය ස්ථානය කියයි.
ෂේන් සෙනෙවිරත්න






