රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමිව සිදු කරන ලද ගිනි පෑගීමේ උළෙල අද (08) උදෑසන සිදුවිය .
බැතිමතුන් 300 ක් පමණ ගිනි පෑගීමේ උළෙලට එක්ව සිටියහ. කතරගම දේවාලය ඉදිරිපිට මහා විිදියේ දිි මෙම ගිනි පෑගීම සිදු කරන ලදි.
ගිනි පෑගීමට ප්‍රථම කතරගම දේවාලයේ ටී ආර්. සනත් රත්නායක කපු මහතා විසින් ගිනි මැළයට ආශිර්වාදය කර පරහද හා පැන් ඉසිම සිදු කරන ලදී.
මෙම උළෙල නැරඹීමට දේශිය බැතිමතුන් මෙන්ම විදෙස් සංචාරකයන් ද එක් විි සිටියහ.
කතරගම සන්දිම දේවප්‍රිය




