ADA
www.ada.lk
2025 ජුලි මස 19 වන සෙනසුරාදා
මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ජනතාව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් ඒක්ව දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.
ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයට බලපෑ හදීසි ගංවතුර තත්වයක් හේතුවෙන් ඊයේ (18) දින ඒහි පවුල් 32 කට අයත් පුද්ගලයින් 102 දෙනෙකුහට ගම්මානයෙන් පිටතට ගමන් කිරීඹට නොහැකිව තිබුනේ ගංවතුර තත්වයන් සීග්‍රයෙන් වඩිවීම හේතුවෙනි.
මේ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව ප්‍රදේශ භාර යුදහමුදා නිලධාරීන් පිරිසක් අදාල ගම්මානයට ගොස් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා විපතට පත් වැසියන් මුදාගෙන ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරීමට පියවර ගනු ලැබීය.
ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනික්කන්කුලම්, හින්දුපුරම්, බණ්ඩාරවන්නි, තට්ටයාර්මලෙයි සහ පුලියන්කුලම් ප්‍රදේශයන් මෙලෙස ගංවතුර අවධානමකට පත්වීමෙන් පවුල් 700 කට අධික පුද්ගලයින් 2000 කට අධික පිරිසක් විපතට පත්ව ඇතැයිද මුලතිව් ආපදාකලමානකරන ඒ්කකය පෙන්වා දෙයි.
popular news
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ටුමෝරෝලෑන්ඩ් වේදිකාව ගිනි ගනියි
වසර 160කට පසුව නකල්ස්වලින් හමුවූ උඩවැඩියා විශේෂය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd