ADA
www.ada.lk
2025 ජුලි මස 07 වන සඳුදා
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.
ඒ අනුව රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී වයස අවුරුදු 30 ට වැඩි බස්නාහිර පළාත තුළ පදිංචි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු මාත්‍රාව මෙන්ම පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ලබා දීම ද සිදු කෙරේ.
අද දින (2021 ජූලි 05) සිට ඉදිරියට උදෑසන 08.30 සිට සවස 04.30 දක්වා කාලසීමාව තුළ මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙන අතර, බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 30ට වැඩි රජයේ සහ පෞද්ගලික අංශයන්හි සේවකයින් ඇතුළු මහජනතාව වෙත මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ “සයිනොෆාම්” (Sinopharm) එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇත.
popular news
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
ඉන්ධන වලින් කොමිස් ගහපු කෙනා ගෙදර ගියාට කොමිස් එකේ බලපෑම තව ටික කාලයක් තියෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd