ADA
www.ada.lk
2025 අගෝස්තු මස 24 වන ඉරිදා
උඩරට වතුකරය ආශ්රිත ප්රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට වතුකරයේ එළවළු වගා බිම් රැසක් ගංවතුරට යටවීමෙන් විනාශයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
වතු ආශ්රිතව පහත් බිම්වල මෙන්ම ඇලවල් හා ඔයවල් ආශ්රිත වගා කොට තිබු උඩරට එළවළු වගා බිම් රැසක් මෙසේ ජලයෙන් යටවීම හේතුවෙන් එම වගා බිම්වල වගා කොට තිබු ලීක්ස්, අර්තාපල්, බිට්රූට්, නෝකෝල්, සලාද, මාළු මිරිස්, රාබු ඇතුළු උඩරට එළවළු වර්ග රැසක් විනාශයට පත්ව ඇති බව ඔහුහු පෙන්වා දෙති.
ඇතැම් එළවළු වගා බිම් සම්පුර්ණයෙන්ම විනාශයට ලක්ව ගොස් ඇති බවත්, දැඩි දුෂ්කරතා මැද්දේ බැංකු ණය මුදල් ලබා හා කණකර ආභරණ උකසට තබා ඉතාමත් අසීරුවෙන් වගා කොටගත් තම වගා බිම් මෙසේ ජලයෙන් යටවී විනාශයට පත් වීම මගින් තමන් කබලෙන් ලිපට ඇද වැටුණු තත්ත්වයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවිහු පවසති.
තම වගා හානි පිළිබඳව රජයේ අවධානය යොමු කොට යම් කිසි වන්දි මුදලක් හෝ ලබාදීමට පියවර ගන්නේ නම් පවතින ආර්ථික දුෂ්කරතාවයන්ට එය මහත් සහණයක් වනු ඇතැයි උඩරට එළවළු ගොවීහු කියති.
ශාන් හුලංනුගේ
popular news
සිහෙළ ගෞතම සිරි සම්බුද්ධ නිකාය ශාසන විරෝධියි
ලෝකයේම ආදරයට ලක්වූ විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ සමුගනියි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
පාඨලීලාගෙන් අලුත් සන්ධානයක්
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්යාවක්
මහ මොළකාරයා කවුද කියලා හැමෝම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd