ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා
ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්රී ලංකාව බලා පිටත් විය.
එමෙන්ම, තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් සංග්රාමික යුද්ධෝපකරණ සහ සැපයුම් ප්රවාහනය සඳහා යෝදාගනුලබන ශක්ති නම් නෞකාවක්ද ඉන්දියාවේ විශාඛාපට්නම් වරායෙන් ඊයේ රාත්රියේ (2021 අගෝස්තු 19) ශ්රී ලංකාව බලා පිටත් වූ අතර, ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් 2021 අගෝස්තු මස 22 වන දින සවස සහ 23 උදෑසන කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.
ඉන්දීය රජයෙන් ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් නාවික හමුදාව මඟින් මෙරටට රැගෙන ඒමේ ක්රියාවලිය කඩිනම් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං සමඟ සෘජුවම සිදු කළ සාකච්ඡාවක ප්රතිපලයක් වශයෙන්, දෙරටේ නාවික හමුදාවන් අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් මෙලෙස ඉන්දියානු නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ද මෙරටට සායනික ඔක්සිජන් රැගෙන ඒම සඳහා එක්විය.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
පාස්කු ප්රහාරයේ මහ මොලකරු හඳුනාගත් බවට රවී සෙනවිරත්න තහවුරු කරයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
ප්රජාතන්ත්රවාදී නිදහස රැකගන්න නීතිඥයන් දාහක් කොළඹට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd