කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.
උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යෂ්ථානයට එළවළු තොග මිලදී ගැනීම සදහා දෛනිකව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙළෙදුන් පැමිනේ.
පැවති වර්ෂා සහිත කාලගුණ තත්වය හේතුවෙන් හා අර්තාපල් වගාව සදහා විශාල වියදමක් දැරීමට සිදුවීම හේතුවෙන් අර්තාපල් වගා නොකර එළවළු වර්ග වගා කිරීමට ගොවින් පෙළඹීමත් හේතුවෙන් මෙලෙස එළවළු තොග විශාල වශයෙන් කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන බව වෙලෙදුන් පවසයි.
වැලිමඩ කුමාරගේ
මේ වන විට කැරට් , ගෝවා , ලීක්ස් ආදී එළවළු වර්ග විකුණා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවත් බොහොමයක් එළවළු වර්ග වල මිල පහත වැටී ඇති බවත් වෙලෙදුන් පවසති. ගොවීන් කියා සිටින්නේ මෙලෙස මිල පහත වැටීම තමන්ට දරා ගැනීමට නොහැකි බවත් වත්මන් රජය විසින් ගොවියා රැක ගැනීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරාවි යැයි තමන් අපේක්ෂාවෙන් සිටින බවයි .