නවකතාකරුවෙක්, ගුවන් විදුලි නාට්‍ය රචකයෙක් ලෙස කටයුතු කරන සමන් එදිරිමුණි 'සිදු' ටෙලි නාට්‍යය රචනා කිරීම හරහා රූපවාහිනී මාධ්‍යයට පිවිසෙයි. එය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත් ටෙලිනාට්‍යයක් බවට පත්වෙයි. මේ වන විට 'දෙෙවනි ඉනිම' ටෙලිනාට්‍යයේ තිර රචකයා ලෙස ඉමහත් ජනාදරයට පත්ව ඇති ඔහු පිළිබඳව සුවිශේෂී කතාබහකට යොමු වීමටයි මේ සූදානම. එයට පාදක වන්නේ ඔහු මෙවර පැවැත්වීමට නියමිත සුමති සම්මාන උලෙළ වර්ජනය කිරීමයි. එහි ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කතා කිරීමට සමන් එදිරිමුණි 'අද' හා සම්බන්ධ විය.
මෙවර පැවැත්වීමට නියමිත සුමති සම්මාන උලෙළ වර්ජනය කිරීමට තීරණය කළේ ඇයි?
මේ වන විට ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය මොකක්ද කියලා සවිඥානික ඕනෑම කෙනෙක් දන්න දෙයක්. නමුත් සුමති සම්මාන උලෙළේදී එතරම් මහජන ප්‍රසාදයක් නොතිබුණ ටෙලිනාට්‍යයක් අස්වාභාවික ලෙස මනාප වෙනස් වී අංක 01 බවට පත්ව තිබෙනවා. %නෙතූ^ කියන ටෙලිනාට්‍යය මේ මස 09 වනදා වන විට තිබූ ප්‍රතිඵල අනුව 8618 මනාප ලබාගෙන තිබුණා. මේ මස 11 වනදා වන විට 8264ක් මනාප තිබුණේ. දින දෙකක් තුළ මනාප එකක් හෝ වැඩි වෙනවා වෙනුවට මනාප 354ක් අඩුවී තිබෙනවා. එහෙම මනාප අඩුවෙන්න විදිහක් නැහැනේ. එක්කෝ පැවති මනාප ප්‍රමාණයම තිබිය යුතුයි. එසේත් නැත්තම් ඒ මනාප ප්‍රමාණය වැඩි විය යුතුයි. සුමති සම්මාන උලෙළේ විනිවිදභාවය පිළිබඳ කතාබහ දිගින් දිගටම පැවතුණා. ඒ සැකය මේ තුළින් තහවුරු වුණා. වගකීම් විරහිත මනාප ගණනයක් තමයි සිදුවෙන්නේ. සුමති සම්මාන ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් ජනතාව චෝදනා කරන විට ඔවුන් මෙය අත්වැරදීමකින් සිදුවුණා කියලා එය නිවැරදි කිරීමක් කළා කියලා සඳහන් කළා.
මේක කාලයක් තිස්සේ පැවතගෙන එන ලංකාවේ ප්‍රධාන පෙළේ සම්මාන උලෙළක්. එවැනි උලෙළක කිසිම වගකීමක් නැතුව සංවිධායක කමිටුවක් කටයුතු කරන්නේ නැහැ. මෙහි විනිවිදභාවයක් නැහැ. මෙහි විනිවිදභාවයක් නැහැ කියලා තරයේ දැනුණු තැන තමයි මම මෙය වර්ජනය කරන්න තීරණය කළේ. මෙහි අරමුණ සම්මාන උලෙළවල් කඩාකප්පල් කිරීම නෙමෙයි. සම්මාන උලෙළවල නිර්මාණකරුවන් අගය කළ යුතුයි. එවිටයි කර්මාන්තයක් ලෙස මෙය දියුණු වෙන්නේ. සාධාරණ ක්‍රමවේදයක් නැතුව මනාප පළ කරන්න ගියාට පස්සේ කලාකරුවන් කලාකරුවන්ගේ භූමිකාවෙන් මිදී දේශපාලඥයන් සේ කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ විනිවිදභාවයක් නැති මනාප ක්‍රමය තුළ මගේ අදහස වුණේ 'දෙෙවනි ඉනිම' ටෙලිනාට්‍යය මේ සම්මාන උලෙළෙන් ඉවත් කරගත යුතුයි කියන එකයි. ඒක මගේ පෞද්ගලික මතය මිසක් 'දෙවනි ඉනිම' කණ්ඩායමේ මතය නොවන නිසා ඒක මට කළ නොහැකියි. ඒ නිසා මට කළ හැක්කේ පෞද්ගලිකව මේ උලෙළ වර්ජනය කිරීම පමණයි. ජනප්‍රියම නළුවා තේරීමේ තරගයේදී පවා මේ දිනවල ටෙලිනාට්‍යයක් විකාශනය වෙන්නෙත් නැති නළුවන් ප්රමුඛ ස්ථානවලට ඇවිත් තිබෙනවා. ජනප්‍රිය ගණයේ ලා සැලකෙනවා නම් ඔහු මේ දිනවල ටෙලිනාට්‍යවල සිටිය යුතුයි.
මිනිසුන් අතර කතාබහ විය යුතුයි. නිර්මාණකරුවෙක් ලෙස මම මහජන මතයට ඇහුම්කන් දෙනවා. සුමති සම්මාන උලෙළ ගැන මහජනයා දක්වන අදහස්වලින් සියයට 98ක් පමණම තිබෙන්නේ මෙහි විනිවිදභාවය ප්‍රශ්න කරපු ඒවා. මෙහි ප්‍රතිඵල තුළින් මහජන මතය නෙමෙයි නියෝජනය වෙන්නේ කියන කාරණය මට තේරුණා. මෙවැනි සැක සහිත සම්මාන උලෙළක මම ලියන ටෙලිනාට්‍යය ජනප්‍රියම ටෙලිනාට්‍යය බවට පත්වුණත් ඒ සම්මානය ලබාගන්න හිරිකිතයක් තිබෙනවා. 'දෙවනි ඉනිම' අංක 1 වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අංක 1 නොවී මෙය කිව්වොත් සම්මාන නොලැබුණ නිසා කියනවා කියල සඳහන් කරයි. ඒ නිසා තමයි මම මෙය සම්මාන උලෙළට කලින් කියලා ඉවත් වුණේ.
මේ පවතින මනාප ක්‍රමවේදය එක්ක විනිවිදභාවය ප්‍රශ්නයක් නම් මේ මනාප ලබාගන්නා ක්‍රමවේදය ගැන නැවත සිතිය යුතු වෙනවා නේද?
එය පැහැදිලියි. ස්ලිම් නෙල්සන් සම්මාන උලෙළ මම ඉතා අගය කරන සම්මාන උලෙළක්. ඔවුන් මහජන අදහස් විමසනවා. නමුත් රයිගම් සම්මාන උලෙළත්, සුමති සම්මාන උලෙළත් ඒ වගේම ලංකාවේ තිබෙන රියලිටි වැඩසටහන්වල ක්‍රමයත් ගැන හිතන්න වෙනවා. මම විරුද්ධ මේ එස්.එම්.එස් ක්‍රමයටයි. මෙය වෙළෙඳ පොළේ තිබෙන වැඩක්. එක් දුරකථනයකින් කැමති ප්‍රමාණයක් එස්.එම්.එස් එවන්න පුළුවන්. මෙය කලාකරුවන්ට කරන බරපතළ අසාධාරණයක්. දුප්පත් දක්ෂ කලාකරුවන් ඉන්නවා. ඔවුන්ට ලක්ෂ ගණන් එස්.එම්.එස් එවන්න මුදල් නැහැ. සාමාන්‍යයෙන් එස්.එම්.එස් එකකට ශත 37ක් වැනි මුදලක් තමයි අය වෙන්නේ. මෙවැනි මනාපයකට රුපියල් 3යි ශත 70ක් විතර අය කෙරෙනවා.
ලක්ෂයක් එස්.එම්.එස් ගන්න නම් ලක්ෂ තුනක් වත් අවශ්‍යයි. එහෙම මුදල් වියදම් කරලා සම්මාන ගන්න පුළුවන් අවස්ථාවක් දුප්පත් දක්ෂ කලාකරුවන්ට නැහැ. දුප්පත් දක්ෂ කලාකරුවන් සම්මානයට පාත්‍ර නොවීම තුළ කලකිරීමට ලක්ෙවනවා. සමස්ත කලාවේ උන්නතිය උදෙසා මේ මනාප ක්‍රමය එක දුරකථනයකින් එක මනාපයක් පළ කළ හැකි වන සේ නිවැරදිව සැකසිය යුතුයි. රයිගම් හිදිත් මම එය දැක්කා. මම ඒ මොහොතේ සහභාගි වුණා. යූටියුබ් තුළින් සාමාන්‍ය ජන විඥානය හැසිරෙන විදිහ බලාගන්න පුළුවන්. නමුත් මම එම සම්මාන උලෙළින් පසු තීරණයක් ගත්තා මේ මනාප ක්රමවේදයම පැවතුණොත් ඒ කිසිම සම්මාන උලෙළකට සහභාගි වෙන්නෙ නැහැ කියලා. මම සහභාගි නොවුණා කියල සම්මාන උලෙළවල් නතර වෙන්නේ නැහැ. මගේ හෘදසාක්ෂියට එකඟව මම වැඩ කරනවා.
රයිගම් සම්මාන උලෙළේදිත් 'දෙෙවනි ඉනිම' ටෙලිනාට්‍යය ජනප්‍රියම ටෙලිනාට්‍යය බවට පත්වීමේදී ගැටලුවක් මතු වුණා නේද?
සම්මාන උලෙළක් පටන් ගන්න පෙර සම්මාන උලෙළේ නීතිරීති හඳුන්වාදිය යුතුයි. සුමති, රයිගම් සම්මාන උලෙළ ද්විත්වයේදීම මෙය මුලින් සඳහන්ව තිබුණා. මුලින් සඳහන් කළේ අක්‍රමිකතාවක් සිදුවන දෙයක් නම් අපට එයට එකඟ විය නොහැකියි. මගේ මතය නම් රයිගම් සම්මාන උලෙළේදී පවා ජනප්‍රියත්වය මිනුම් කළේ මේ ක්රමවේදයෙන්ම තමයි. එහි ප්‍රතිඵල ගැනත් කතාබහක් ඇති වුණා. රයිගම් සම්මාන උලෙළේ අංක 1ට 'දෙවනි ඉනිමත්' දෙකට 'සිදූ' ටෙලිනාට්‍යයත් තේරී පත්වුණා. ඒ වන විට සාමාන්‍ය සමාජයට බැහැල බැලුව නම් මේ ටෙලිනාට්‍ය දෙකම තමයි ඉහළින්ම තිබෙන්නේ. තවත් හොඳ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. මේ ටෙලිනාට්‍යවලට ආදරය කරන මිනිසුන් එස්.එම්.එස් පළ කරනවා. ඒ එස්.එම්.එස් අවංකයි. මෙහෙම තත්ත්වයකදී ඒවටවත් වටිනාකමක් ලැබෙන්නේ නැහැ.
ඔබ සම්මාන උලෙළ ගැන මේ තරම් කතා කරන්නේ සම්මාන බලාගෙනම නිර්මාණ කරන නිසාද?
එහෙම ආසාවෙන් ඉන්නවා නම් මේ වෙලාවේ කළ හැකි හොඳම දේ නිහඬව සිටීම. සුමති සම්මාන උලෙළේ මේ මොහොතෙත් %දෙවනි ඉනිම^ තමයි පළමුවෙනි ස්ථානයේ තිබෙන්නේ. මමයි ඒක රචනා කරන්නේ. රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම ටෙලිනාට්‍යය ලිව්වෙත් මම. ස්ලිම් නෙල්සන් ජනතා සම්මානය ලැබූ ටෙලිනාට්‍යය ලිව්වෙත් මම. මෙහෙම සම්මාන ලබාගත් මම තමයි මේ කතා කරන්නේ. සම්මාන ලැබෙන නිසා නිහඬව ඉන්න පුළුවන්. ඒක හරිනෑ. මේ වෙනුවෙන් කතා කරද්දි නාට්‍යයට අකටයුතුකම් සිදුවෙනවා. මෙහෙම කතා කරනකොට කෙසේවත් සම්මාන හිමිවෙන්නෙ නෑ. මම නිතර වැඩ කරන්නේ මිනිසුන්ගේ කැමැත්තත් එක්ක. ලියන දේ ලියන්නේ මිනිසුන්ගේ ආදරය එක්ක. මට සම්මාන ඕන නෑ.
නමුත් කලාකරුවෙක්ට සම්මානයක් දෙනවා නම් ඒ සම්මානය අභිමානවත් සම්මානයක් බවට පත්වෙන්න ඕන. මම මෙහෙම කතා කරනකොට කෙනෙක් කියන්න පුළුවන් මම සම්මාන වෙනුවෙන් කතා කරන්නේ කියල. ඒත් ලබන සම්මාන උලෙළෙදිවත් මේ ගැන හිතලා ඒ තත්ත්වය උදා නොවෙන්න කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.