සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් පසුගිය දිනෙක පොලිස් අත්අඩංගුවට පත් වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. බීමතින් රිය පැදවීම, නීතිවිරෝධී ධාවන තරගයකට සහභාගී වීම, රියදුරු බලපත්‍රයේ කල් ඉකුත් වී තිබීම ඔහුට එරෙහිව නැගී තිබුණු චෝදනාවන් වේ. මේ හේතු නිසා අත්අඩංගුවට ගැනුණු ජස්ටින් බීබර් ඇමෙරිකානු ඩොලර් 2500ක මුදල් ඇප මත නිදහස් කර ඇත.ඔහු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වූයේ අමෙරිකාවේ මියාමි වෙරළාශ්‍රිත ප්‍රදේශයේ මෝටර් රථ ධාවන තරගයකට සහභාගි වෙමින් සිටියදීය. මේ නිරන්තරයෙන් පුවත් මවන ජස්ටින් බීබර් පිළිබඳව සොයා බැලීමකි
-
විවාහ වී නැති ජස්ටින් බිබර්ගේ දෙමාපියන්
ලබන මාර්තු මස 01 වැනිදාට වයස අවුරුදු 20ක් සපිරෙන කැනේඩියානු ජාතික බීබර් ලන්ඩන් නුවරදී උපත ලැබුවේ මවට අවුරැදු 17 වෙද්දීය. එසේම ජස්ටින් බීබර්ගේ දෙමාපියන් කිසි දිනෙක නීත්‍යනුකූලව විවාහ වී ඇති බැව් වාර්තා නොවේ. එසේම ඔවුන් දෙදෙනා තම පුතුගේ ජීවිතයේ සෑම කඩයිම් අවස්ථාවකදීම එකට සිටි නමුත් බීබර්ගේ මව ගැබ් ගත් අවස්ථාවේ ඇයව ගබ්සාවක් සඳහා යොමුකිරීමට බොහෝ දෙනා උත්සාහකර තිබේ. ඇයට තම පුතු හට පියා ලෙසින් පෙන්වීමට සිදුවූයේ වෙනත් කාන්තාවක් සමග විවාහ වී ළමයින් දෙදෙනෙකු සිටින්නෙකි.
-
ජස්ටීන් බීබර්ගේ අමුතුම පවුල් පසුබිම
ඔහුගේ පියාගේ පාර්ශ්වයේ සීයා ජර්මන් ජාතිකයකු වන නමුත්, පියාගේ සෙසු පාරම්පරික පුද්ගලයින් එංගලන්ත සහ අයර්ලන්ත ජාතිකයන්ය. එසේම බීබර්ගේ මව ප්‍රංශ - කැනේඩියානු ජාතික කාන්තාවකි. වරක් බීබර් පවසා ඇත්තේ තමන්ට ඇබ්රොජින් සම්භවයක ලක්ෂණද ලැබී ඇති බවයි. එසේම බීබර් පාසල් ගියේද ප්‍රංශ පාසලකටය.
කුඩා කල සිටම හොකී, පාපන්දු(සොකර්) සහ චෙස් ක්‍රීඩාවට මහත් උනන්දුවක් දැක්වූ ජස්ටින් බීබර්, ගායකයකු වීමේ සිහිනය සිතෙහි කොනක රඳවා සිටියෙකි. කල්යත්ම තම පියාගෙන් පියානෝ වාදනය කිරීමට උගත් ජස්ටින් බීබර්, ඊට අමතරව ඩ්‍රම්ස් වාදනය, ගිටාර් වාදනය සහ ට්‍රම්පට් වාදනයද කුඩා කලදීම ප්‍රගුණ කළ ගායකයෙකි. ඒ අනුව 2007 වසරේ පැවති ගායනා තරගයකට නේ යෝගේ "So Sick" ගීතය ගායනා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමටද සමත් විය.
-
කොහොමද සංගීත ක්ෂේත්රයට ආවේ ?
ජස්ටින් බීබර් පළමුව හඳුනාගත්තේ American Talent හි කළමනාකරු ස්කූටර් බ්‍රවුන් විසිනි. ඒ 2008 වසරේදීය. ඉන් අනතුරුව වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන ඌෂර් රේමන්ඩ් වෙත ඔහුව භාර කළ අතර, බීබර් Raymond Braun Media Group සමග සිය වෘත්තීය ජීවිතයේ පළමු ගිවිසුම අත්සන් කළේය.My World 2009 වසරේ නොවැම්බර් මසදී තම කුළුඳුල් ගීත ඇල්බමය ලෙසින් My World නිකුත් කළේය. ඊට ඔහුගේ ජනප්‍රියතම ගීත හතක් ඇතුළත්ය.My World Tour සිය කුළුඳුල් ගීත ඇල්බමය හරහාම අතිශයින් ජනප්‍රියත්වයට පත් බීබර් My Worlds Acoustic, Never Say Never – The Remixes සහ the 3D biopic-concert film Justin Bieber: Never Say Never යන ගීත ඇල්බමවල ගීත ගායනා කරමින් ලොව පුරා සංචාරය කිරීම ආරම්භ කළ අතර, 2011 වසරේ නොවැම්බර් මසදී සිය දෙවැනි ගීත ඇල්බමය ලෙසින් Under the Mistletoe එළිදැක්වූයේය.එය කෙතරම් ජනප්‍රිය වූයේද යත් Billboard 200 ගීත දර්ශකයේ පළමු ස්ථානයට පැමිණීමට පවා සමත් විය. ඔහුගේ තෙවැනි ඇල්බමය ලෙසින් Believe 2012 වසරේ ජුනි මස 19 වැනිදා එළිදැක්වුණූ අතර, එයද Billboard 200 ගීත දර්ශකයේ ප්‍රථමස්ථානයට පත්වීම කැපී පෙනේ.
-
පාදිලිවරයකු වීමට උත්සාහ දරයි
ජේසුස් වහන්සේ ඉතා තදින් විශ්වාස කළ හෙතෙම වරක් ජනමාධ්‍යයට පැවසුවේ තමන් ජේසුස් වහන්සේ සමග කතා කළ බවත් උන්වහන්සේ නිසාවෙන් තමන් පාදිලිවරයෙකු වීමට සිතූ බවයි.
-
ප්‍රසංගයක් අතරතුර වමනය දමයි
2012 වසරේ සැප්තැම්බර් මස ඇරිසෝනාහි පැවැති ප්‍රසංගයක් අතරතුර ඔහු වමනය කළ අතර, එය අන්තර්ජාලය පුරා පුවත් මවන්නක් බවට පත් විය. ඔහු එම සිදුවීමට ගර්හා කළේ තමන්ට වමනය කිරීමට සිදුවූයේ ඊට පෙර තමන් පානය කළ කිරී වීදුරුවක් නිසා යැයි කියමිනි. ඒ අනුව ඔහුගේ උපදේශකයා වූ ඌෂර්ගේ උපදෙස් අනුව මස් මාංශ ඇති ආහාර රටාවකට වෙනස් වීමට පවා ඔහුට සිදුවිය.
-
ලිංගිකත්වය සහ ගබ්සා කිරීම ගැන කතා කරයි
2011 වසරේ පෙබරවාරි මස පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජස්ටින් බීබර් සිය ලිංගික වර්ජනය පිළිබඳ කතා කිරීමට එක් වූ අතර, එහිදී ප්‍රකාශ කළේ තමන් කිසිවකුට ආදරය කරනතුරැ ඔහු හෝ ඇය සමග ලිංගිකව එකතු නොවිය යුතු බවයි. එසේම ගබ්සා සිදුකිරීම තමන් තරයේ හෙළා දකින බව කී බීබර් පැවසුවේ එය දරැවකු මරා දැමුවාට සමාන බවයි.
-
ඇමෙරිකානු පුරවැසි බව අභියෝගයට ලක් කරයි
ඇමෙරිකානු පුරවැසි බවේ වලංගුබව දැඩි විවේචනයට බඳුන් කරන හෙතෙම, ඇමෙරිකානු විදේශ ගමන් බලපත්‍රය මෙන්ම ඇමෙරිකානු සෞඛ්‍ය ආරක්ෂාවරණ පද්ධතියද දැඩි අභියෝගයට ලක් කරයි. එබැවින් ඔහු පවසන්නේ කැනඩාව ලොව හොඳම රට බවයි.
සෙලීනා ගෝමස් සමග පෙමින් ඉතා මෑතකදී බිඳ වැටුණු ජස්ටින් - සෙලීනා ආදර කතාව ආරම්භ වූයේ 2010 වසරේ දෙසැම්බර් මසදීය. 2011 වසරේ පෙබරවාරි මස Vanity Fair Oscar Party හිදී මෙම සබඳතාවය තහවුරු වූ නමුත් 2012 වසරේ පෙබරවාරි මසදී එම පෙම බිඳ වැටුණි. එහෙත් එම මසදීම නැවතත් සාමදාන වීමට ඔවුන් සමත් වූ නමුත් 2013 වසරේ ජනවාරි මසදී එය බිඳ වැටුණේ සෙලීනා සහ ජස්ටින් සම්බන්ධ කටකතා සැබෑ කරලමිනි.
-
බීබර් පළමුවරට පොලිස් අත්අඩංගුවට
පසුගිය ජනවාරි මස 23 වැනිදා පළමුවරට ජස්ටින් බීබර් අත්අඩංගුවට ගැනුණු අතර, ඊට හේතුවූයේ මාස හයක් කල් ඉකුත් වූ ගමන් බලපත්‍රයකින් වාහන පැදවීමයි. ඒ අනුව ඉතා සාමකාමීව පොලිස් අත්අඩංගුවට පත් වූ ඔහු නිදහස් කෙරුණේ ඇ.ඩො. මිලියන 2500ක ඇපයකට යටත්වය. පසුගිය 29 වැනිදා ඔහු නැවතත් පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඉන්පසුවයි. ඊට හේතුවූයේ කුමක්දැයි ඔබ දැන් දනියි.
ජස්ටින් බීබර් දිනූ සම්මාන
Artist of the Year Awards, at the 2010 American Music Awards
2012 American Music Awards - nominated for Best New Artist
Best Pop Vocal Album at the 53rd Grammy Awards.
With a global fan base, termed as "Beliebers", and over 40 million followers on Twitter
He was named by Forbes magazine in 2012 as the third-most powerful celebrity in the world.
ජස්ටින් බීබර් පසුගිය මාස දොළහ ඇතුළත පමණක් උපයා ගත් ආදායම ඇ.ඩො. මිලියන 55 ඉක්ම වන්නේය. එසේම ඔහුගේ විකිණුනු ඇල්බම සංඛ්‍යාව මිලියන 15කි.
මාලන් විදානපතිරණ