මෙම වසරේ අප්‍රේල් මාසයේදී නිකුත් වුණු BlackBerry Leap උපාංගය ප්‍රධාන කොටම ලොව පුරා වැඩි අවධානයක් දිනාගත්තේ එහි හැඩය නිසාවෙනි. මෙම BlackBerry Leap උපාංගය අඟල් 5.0 ක ඉඩක් පුරා පැතිරෙන සම්පූර්ණ ස්පර්ශ සංවේදී තිරයකින් සමන්විතව තිබෙන අතර, මල්ටිටච් පහසුකමින්ද යුක්ත වෙයි. මෙම උපාංගය Dual-Core 1.5 GHz ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර, මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙසින් BlackBerry Leap OS 10.31 සංස්කරණය යොදා ඇත.
මෙහි ප්‍රධාන මතකයට අමතරව microSD මතක චිප ඇතුළු කර මතකය විස්ථාපනය කළ හැකි අතර, අභ්යන්තරිතව 16GB මතක ධාරිතාවක් අන්තර්ගතය. එසේම මෙයට ගිගාබයිට් 2 ක RAM අගයක්ද අන්තර්ගතය.
මෙගාපික්සල් 8 ක ප්‍රධාන කැමරාවක් සහ මෙගාපික්සල් 2 ක ඉදිරිපස කැමරාවක් මෙහි ස්ථාපනය කොට ඇති අතර, ඒවාට අමතරව සාමාන්‍ය ස්මාට්ෆෝනයකට වඩා බ්ලැක්බෙරි ස්මාට්ෆෝනයකින් පරිශීලකයන්ට ලැබෙනා වෘත්තීය මට්ටමේ පහසුකම් සියල්ලමද මෙහි ඇතුළත්ය.
නවීන විදුලි සංදේශ හා දත්ත හුවමාරු තාක්ෂණයන්ද සියල්ලම පාහේ මෙහි තිබෙන අතර, මින් පෙර එළිදැක්වුණු BlackBerry Z10 වැනි ස්මාට්ෆෝන්වල දක්නට නොලැබෙන අංගයක් වූ FM Radio පහසුකම අන්තර්ගත කර BlackBerry Leap වෙළෙඳ පොළට ඉදිරිපත් කර ඇත. සුදු හා කළු වර්ණයන්ගෙන් පමණක් වෙළෙඳ පොළට පැමිණෙන BlackBerry Leap, කාර්යබහුල කාටත් මනා ලෙස මනා සෙයින් ප්‍රයෝජනවත් වන උපාංගයක් වනු ඇත.