සැම්සුන්ග් ගැලක්සි S8 ගැන කතා
ට්විටර් සේවාව හරහා සැම්සුන්ග් සමාගමේ මීලග විශිෂ්ටයා වන සැම්සුන්ග් ගැලක්සි S8 හි ඡායාරූප නිකුත් වී තිබුණි. මෙම S8 ස්මාට්ෆෝනය අප්‍රේල් මාසයේදී නිකුත් වෙන බව එහිදී පැවසී තිබුණත්, ට්විටර් හරහා නිකුත් වූ ඡායාරූපයන් හැරෙන්නට ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් වෙනත් කිසිදු තොරතුරක් නිකුත් වී නොමැති නිසාවෙන් බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් සැක පළ කොට සිටී.
බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මෙය ඉතාමත් දක්ෂ ලෙසින් ත්‍රිමාණ නිර්මාණකරණ තාක්ෂණය භාවිතා කරමින් සැකසූවක් බවයි. කෙසේ නමුත් මෙම නිකුත් වූ ඡායාරූපයේ දැක්වෙන ආකාරයට S8 ස්මාට්ෆෝනයේ සුවිශේෂී හැඩයක් දැකිය හැක. එන හැඩයට අනුකූලව එහි කැමරාව සහ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය තිරස්ව එක පෙළට පිහිටා තිබේ. මෙතෙක් නිකුත් වූ කිසිදු ස්මාට්ෆෝන් උපාංගයක එවැනි සුවිශේෂී නිමාවක් දක්නට ලැබී නැති බවද මෙහිදී කිවයුතුවේ.
බොහෝ දෙනෙකු මෙය අවිශ්වාස කිරීමට පෙළඹුණත්, මෙම ඡායාරූපය සමගින් එහි අන්තර්ගත විශේෂාංග පිළිබඳව අදහස්ද නිකුත් වු නිසා එය විශ්වාස කිරීමට සැදී පැහැදී සිටිනා පිරිසක්ද වන බව කිව යුතුයි.
www.slashleaks.com
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




