සමාජ මාධ්‍යයට ඇබ්බැහි කළාට මෙටාට හා ගූගල්ට වන්දි ගෙවන්න වෙයි
ළමා කාලයේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් මෙටා සහ යූ ටියුබ්ට එරෙහිව නඩු පැවරූ තරුණියකට ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් ඉතිහාසගතවන නඩු තීන්දුවක් ලබා දී තිබේ.
ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් හිමි මෙටා සහ යූ ටියුබ් හිමිකරු ගූගල්, 20 හැවිරිදි තරුණියගේ මානසික සෞඛ්‍යයට හානි කරන ඇබ්බැහි කරවන සමාජ මාධ්‍ය වේදිකා හිතාමතාම ගොඩනගා ඇති බව ජූරි සභිකයින් තීන්දු කළහ.
මේ අනුව ජූරි සභාව විසින් කේලි ලෙස හැඳින්වෙන කාන්තාවට ඩොලර් මිලියන 6 (£ 4.5m) ක වන්දියක් ගෙවන ලෙස මෙටා හාගූගල් සමාගමට නියෝග කළේය. මෙම තීන්දුවත් සමගින් එක්සත් ජනපද අධිකරණ තුළ විභග වන
සමාන නඩු සිය ගණනකට මේ හා සමාන තින්දු ප්‍රකාශ වෙනු ඇත.
මෙටා සහ ගූගල් වෙන වෙනම කියා සිටියේ තීන්දුවට එකඟ නොවන බවත් තීන්දුවට එරෙහිව අභියාචනා කරන බවත්ය. කේලිගේ හානි පූර්ණයෙන් 70% ක් මෙටා සමාගමටත් ඉතිරි 30% ගූගල් සමාගමත් ගෙවිය යුතු බව ජූරි සභාව වැඩිදුරටත්තී න්දු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
