ඉරානයේ නව කොරෝනා ආසාදිතයන් අතර නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාද සිටින බව ඉරාන බලධාරීන් පවසා සිටියි.
International
කොවිඩ්-19 මරණ 2763ක් වෙයි සුවවූවන් 30,000කට ආසන්නයි
කොරෝනා ආසාදිතයන් 80,908ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මින් 2,718 දෙනෙකු චීනයෙන් පිටත වාර්තා වෙයි.
ස්පාඤ්ඤ හෝටලයක කොරෝනා ආසාදිතයා නිසා හෝටලය වැසේ
H10 කොස්ටා ඇඩෙජ් පැලස් හෝටලයේ ලැගුම්ගෙන සිටි සිය ගණනක් අමුත්තන්ට වෛද්‍ය පරීක්ෂණයන්ට මුහුණදීමට සිදුවෙයි.
හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක් දිවි ගමනට සමුදෙයි
2011 වසරේදී හමුදා පාලනය විසින් ඔහු ධුරයෙන් පහ කිරීමට පෙර, දශක තුනකට අධික කාලයක් ඔහු ඊජිප්තුව පාලනය කළේය.
ට්‍රම්ප්ගේ දිල්ලි සංචාරයට පෙර විරෝධතා නිසා තිදෙනෙකු නසී
නව පුරවැසි නීතියට විරෝධය පළ කරමින් දිල්ලියේ පැවති විරෝධතා අතරතුර පුද්ගලයන් තිදෙනෙකු මරු දකියි.
නාසා ගණිතඥ කැතරින් වයස 101 දී දිවිගමනට සමුදෙයි
’’වාර්ගික හා සමාජීය බාධක බිඳ දැමූ විශිෂ්ටත්වයේ උරුමයට’’ ගෞරව කරන බව නාසා ආයතනය ට්විටර් පණිවුඩයකින් කියයි.
ට්‍රම්ප් සහ මෙලානියා ආදරයේ ස්මාරකය ටජ් මහල් ගිය ගමන
ට්‍රම්ප් යුවළ අගමැති මෝදි සමග මහත්මා ගාන්ධි ආශ්‍රමයේදී චරකයෙන් නූ කැට රෙදි වියන ආකාරය අත්හදා බැලූහ.
කොවිඩ්-19 වසංගත තත්ත්වයක් නොවීමට සූදානම් වන්න - WHO
’’මෙම වෛරසයට වසංගත විභවයක් තිබෙනවාද? නියත වශයෙන්ම එය තවමත් තිබෙනවාද? අපගේ තක්සේරුව අනුව, තවම නැහැ’’
කොවිඩ්-19 මරණ 2,629ක් වෙයි සුවවූවන් 24,854ක් දක්වා ඉහළට
වෛරසය ආසාදිත පිරිස 79,540ක් ලෙස වාර්තා වන අතර, ඒ අතර විදේශයන්ගෙන් වාර්තා වන රෝගීන් 2,271 කි.
ජර්මනියේ සැණකෙළියකට කාර් රථයක් කඩා වදී - 30කට තුවාලයි
තුවාල වූවන් අතර කුඩා දරුවන් ඇතුළු බරපතළ තත්ත්වයේ පසුවන්නන්ද සිටින බව ජර්මානු රෝහල් ආරංචි මාර්ග පවසයි.
නමස්තේ ට්‍රම්ප් - ඇමෙරිකානු නායකයාගේ ඉන්දීය සංචාරය
ඉන්දියාව සෑමවිටම සිය හදවතේ විශේෂිත ස්ථානයක පවතින බවත්, මෝදි තරමක් තද චරිතයක් බවත් ට්‍රම්ප් කියයි.
මැලේසියානු අගමැති මහතීර් හදිසියේම ධුරයෙන් ඉවත් වේ
මීළඟ අගමැති කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි නැති අතර, නැත්නම් නව මැතිවරණයක් කැඳවනු ඇතිද යන්නද පැහැදිලි නැත.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රථම ඉන්දීය සංචාරය අරඹයි
ටජ් මහල නැරඹීමට යන ට්‍රම්ප්, මෝදිගේ ගුජරාට් ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයකදී විශාල ජන රැලියක් ඇමතීමට නියමිතය
දකුණු කොරියාවේ ඊයේ දිනයට කොවිඩ් ආසාදිතයන් 161ක්
එරට තුළ නව කොරෝනා මරණ 7ක්. සමස්ත ආසාදිතයන් 763ක්. වැඩිම ආසාදිතයන් තේගු නගරයෙන් වාර්තා වෙයි.
යුරෝපයේ කොරෝනා අවදානම වැඩිම රට බවට ඉතාලිය පත්වෙයි
දැනට ආසාදිතයන් 152කි. සුප්‍රසිද්ධ වැනීස් සැනකෙළිය දින කිහිපයකට පමණක් සීමා කිරීමට බලධාරීන් කටයුතු කරයි.
කොවිඩ්-19 නිසා මරණ 2,467ක් චීනයේ සුවය ලැබූවන් 22,936ක්
ඊයේ දිනය අවසන් වනවිට ආසාදිතයන් 77,048කි. මේ අතර, විදේශයන්ගෙන් තවත් ආසාදිතයන් 1,712ක් වාර්තා වෙයි.
පාසල් හිරිහැර විඳි ඔස්ට්‍රේලියානු දරුවා රග්බි තරු පිරිවරා පිටියට
ක්වීන්ස්ලන්ඩ් සහ නවසීලන්ත මඕරී කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශන තරගයක් අතරතුර ක්වාඩෙන් පිටිය මැදට එයි.
ඉතාලියේ කොවිඩ්-19 පාලනය සඳහා රජයෙන් දැඩි ක්‍රියාමාර්ග
ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වීමත් සමග ඉතාලි අගමැති ගියුසෙප් කොන්ටේ මෙම හදිසි අවස්ථා සැලසුම් ප්‍රකාශ කළේය.
ද.කොරියාව තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක්
සිකුරාදා 229ක් ලෙස වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්, ඊයේ (22දා) වනවිට 433ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීන් කියයි.
කොවිඩ්-19 මරණ 2,460ක් වෙයි චීනයේ සුවය ලැබූවන් 22,698ක්
ඊයේ දිනය අවසන් වනවිට ආසාදිතයන් 78,608ක් බවත්, එම සංඛ්‍යාවෙන් 1,581 දෙනෙකු චීනයෙන් පිටතත් වාර්තා විය.
උමතුවෙන් මරාදැමූ මව හා දරුවන් තිදෙනා ගැන ඔස්ට්‍රේලියාවම අඬයි
වත්මන් පවුල් සංස්ථා තුළ දකින්න ලැබෙන දැඩි කෝපය සහ ගෘහස්ත හිංසනය මරණවලට හේතු වී ඇතැයි පොලීසිය කියයි.
පාසලේදී හිරිහැර විඳී ඔස්ට්‍රේලියා දරුවාට ලොව නන්දෙසින් සහාය
රංගන ශිල්පී හියු ජැක්මන් සහ පැසිපන්දු ක්‍රීඩක එනෙස් කාන්ටර් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් ඊට ප්‍රතිචාර දක්වයි.
වැඩ කිරීමේ යෝග්‍යතාව සඳහා කාන්තාවක් නාරිවේද පරීක්ෂණයට
සූරත් රජයේ රෝහලේදී සිදුකරන ලද පරීක්ෂණවලදී කණ්ඩායම් වශයෙන් නිරුවතින් සිටීමට ඔවුන්ට සිදු වූ බව කාන්තාවෝ පවසති.
ඇමෙරිකාව සහ තලේබාන් අතර අර්ධ සටන් විරාමයක් ආරම්භ වේ
“මෙය සාමය සඳහා දිගු මාවතක වැදගත් පියවරක්” යැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය සිකුරාදා පැවසීය.
ද. කොරියානු තේගු නගරයේ කොරෝනා අවධානය ඉහළට
චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ පැතිර යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍යය සංවිධානයේ අවධානය.
කොවිඩ්-19 සුවවූවන් 20,000 පනී ආසාදිතයන් 2,359ක් මිය ගිහින්
ඊයේ දිනය අවසන් වනවිට රෝගය ආසාදිතයන් පිරිස 77,644ක් ලෙස වාර්තා වන අතර, චීනයෙන් පිටත එම සංඛ්‍යාව 1,252කි.
වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට රෝග බියෙන් ජනතා ප්‍රහාර
ඔවුන් රැගෙන ඒමෙන් 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිරී යා හැකි බවට දැඩි ජනතා විරෝධයක්.
කොවිඩ්-19 මරණ 2,243ක් වෙයි සුවය ලැබූවන් 18,264 දක්වා නගී
ඊයේ දිනය අවසන් වනවිට චීනයේ පමණක් කොරෝනා ආසාදිතයන් 75,464ක් වාර්තා වන අතර, චීනයෙන් පිටත 1,000කි.
කන්ටේනර් සහ බස් අනතුරින් ඉන්දියාවේ 19 දෙනෙකු මරුට
කන්ටේනර් රථයේ ටයරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලිකව නිගමනය කර ඇති අතර, රියදුරු පළාගොස් තිබේ.
සිඩ්නි සිට මෙල්බර්න් දක්වා මගී දුම්රියක් පීලි පැන මරණ දෙකක්
අනතුරෙන් තවත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන අතර, අසාධ්‍ය තත්ත්වයේ අයෙකු ගුවනින් මෙල්බර්න් වෙත.

