’ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කෑවේ මම නෙමෙයි රණතුංග පවුලයි’
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ තමන් නොවන බවත් ඊට වගකිව යුතු වන්නේ රණතුංග පවුල බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. හෙතෙම මේ බව සඳහන් කළේ, ඊයේ (26දා) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
තමන් කිසි විටෙකත් බුකීකරුවන් සමග එක්ව ගනුදෙනු කර නොමැති බවත් එහෙත් තමනට චෝදනා කරන අය මීට වසර ගණනාවකට පෙර බුකීකරුවන් සමග එක්ව කටයුතු කළ බවට ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේදී පවා චෝදනා ලැබූ අය බවත් ජයසේකර මහතා මෙහිදී සඳහන් කර සිටියේය.
"මම ක්‍රීඩා අමාත්‍යවරයා කාලේ විශාල කැපකිරීමක් කළා ක්‍රීඩාව නිවැරදි දිශානතියකට ගන්න. මම කරපු වැඩ ගැන කියවන්න මට වුවමනාවක් නැහැ. මගෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැමකෙනෙක්ම 100%ක් නිවැරදි නැහැ. කෙසේ වෙතත් මට දිගින් දිගටම අර්ජුන රණතුංග මහතා කරන චෝදනා අහන් ඉන්න බෑ. වැරැද්දක් කරපු කෙනෙක්ට එම චෝදනා අහන ඉන්න පුළුවන්, එහෙත් වැරැද්දක් නොකර ඒවා අහන ඉන්න මම සූදානම් නැහැ.
මම බුකීකරුවන් සමග ඉන්නේ නැහැ. මම තිලංග සුමතිපාල මහතාව දන්නෙත් ඉතාම කෙටි කාලයයි. එහෙත් අර්ජුන රණතුංග මහතා තමයි තිලංග සුමතිපාල මහතාගේ ගෙවල්වල ගිහින් කාලා බීලා එකට හිටියේ. දැන් එතුමාට තිලංගව බුකීකාරයා, එදා එකට කාලා බීලා ඉද්දි බුකීකාරයා නෙමෙයිද දන්නේ නෑ.
අර්ජුන රණතුංග නායකත්වය දරන සමයේ තිලංග සුමතිපාලට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණයට උදව් කළේ රණතුංග පවුලේ අයයි. 1998 තිබුණු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිලංග සුමතිපාල සභාපති ඉද්දි ප්‍රධාන විධායක නිලධාරියා ධම්මික රණතුංග, උපසභාපති ප්‍රසන්න රණතුංග, විධායක සභික නිශාන්ත රණතුංග. මේ අය එකට හිටියේ. අර්ජුන මහතා තිලංගත් එක්ක තරහා වුණේ ඔහුගේ සොහොයුරා වන ධම්මික රණතුංගව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉවත් කළා කියලයි.
එකට හේතුව වුනෙත් තමන්ගේ මවට ලැබුණු තීරු බදු රහිත වොල්වෝ රථයක් ක්‍රිකට් පාලක මණ්ඩලයට ධම්මික විසින් විකුණා දැමීම හේතුවෙන්. ඒවගේම රූපවාහිනි විකාශන අයිතිය පිළිබඳව ගැටලුවකුත් තිබුණා. දැන් අපිට බුකී චෝදනා කරන අය ඒ කාලේ තිලංගත් එක්ක වැඩ කරද්දී මුකුත් කිව්වේ නැහැ" යැයි ප්‍රකාශ කළේය.

popular news
-
lion Thursday, 27 September 2018 02:33 PM
ගඳ ගහන කුණු ගොඩක් තවත් කුණු ගොඩකට හිනාවෙනවා වගේ තමුන් නහෙගේ kathawa
Reply : 0 270
Champa Thursday, 27 September 2018 06:38 PM
අන්න මහේල කිව්වා ජනතාව ඉස්සරහ කිළුටු රෙදි හෝදන්න එපා කැතයි කියලා. දයාසිරි අර්ජුන තිලංග තුන්දෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න මිනිස්සු වග බලා ගන්න ඕනේ අනිත් චන්දෙදි. හිටපු ජනාධිපතිතුමා මේගොල්ලන්ව නම් ආයේ ගන්න එපා. පොඩ්ඩක් හිතන්න. මේ තුන්දෙනා රටට කරපු වැඩක් තියෙනවද කියලා? ඔබ පොඩ්ඩක් අලුත් මිනිස්සුන්ට තැනක් දෙන්න පුලුවන්ද කියලා බලන්න. දැන් නෙමෙයි ඊලඟ මහා මැතිවරණෙ ආවහම.
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

