සඳකැන් හා චාමික ටෙස්ට් තරගාවලියට කැඳවයි
- 26 04 2021
- 21:50
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් මධුශංක හා වේග පන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඒ එම තරගාවලියට එක්ව සිටි ළහිරු කුමාර හා ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙනි. චාමික හා ලක්ෂාන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අද දිනයේදී කණ්ඩායම සමගින් එක්වූ බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

