ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 12 වන බදාදා
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරේදී ද.කොරියාව පරදා ලකුණු 24-10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේ පළමු දිනය අද (28දා) පැවැත්විණි. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකාව හොංකොං සමගින් පැවති තරගය ලකුණු 34-00 ක් ලෙසින් පරාජය වීමට සිදුවිය. මෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වේ.
මේ අතර මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අංශයේ පළමු දිනයේ සහභාගිවූ තරග ද්විත්වයම පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ ජපානය හමුවේ 34-00 ක් හා තායිලන්තය හමුවේ 36-05 ක් ලෙසිනි. මෙම තරගාවලියටද ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් සහභාගි වේ. කෙසේ වෙතත් අයහපත් කාළගුණයෙන් තරගයට බාධා එල්ල විය.
ඡායාරූප- ඔ්ෂිත වරකපිිටිය
popular news
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
උඩපන්දුවක් මරණය ගෙනෙයි
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
දෙහිබාලේගේ මත්ද්‍රව්‍ය තොගයක් මාලදිවයිනේදී අත්අඩංගුවට?
පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා මන්ත්‍රීගේ පුතා ඇතුළු පිරිසක් පහරදෙයි
හොංකොං සික්සස් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd