ශ්රී ලංකාව ක්රිකට් ඉතිහාසය අලුතෙන් ලියයි
දකුණු අප්රිකාවේදි දකුණු අප්රිකානු කණ්ඩායමකට ඒරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පළමු ආසියාතික රට ලෙස ඉතිහාසය අලුතින් ලියමින් වාර්තා ගත ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමිනි. සිවුවැනි ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 197ක ඉලක්කයක් හිමිවූ අතර කුසල් මෙන්ඩිස් (84), ඕෂධ ප්රනාන්දු (75) තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 163ක සබඳතාවක් පවත්විම්න තරගය ජයග්රහණය කරා රැගෙන ගියේය.
දකුණු අප්රිකාව පළමු ඉනිමට ලකුණු ලකුණු 222ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 154ක් පමණි. නැවතත් දෙවැනි ඉනිම ක්රිඩා කළ දකුණු අප්රිකාව ලකුණු 128කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්රී ලංකාවට ලකුණු 197ක ජයග්රාහී ඉලක්කයක් හිමිවිය.
තරගාවලියේ පළමු තරගයෙන්ද ශ්රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්වූයේය. මෙම තරගාවලිය ශ්රී ලංකා කණ්ඩායම නවක ක්රීඩකයන් සමගින් තරග කළ අතර දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකයා ලෙස පත්ව එක්වූ පළමු තරගාවලිය මෙය වෙයි.
තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලැබූ අතර තරගාවලියේ විරයා ලෙස කුසල් පෙරේරා සම්මාන ලැබිය.

-
Saththaya Sunday, 24 February 2019 12:27 PM
ක්රිකට් ඉතිහාසය අලුතෙන් ලිව්වට කමක් නැහැ , හැබැයි එය රට වෙනුවෙන් අවංකව කරන්න , සීනිබෝල වෙනුවෙන් රට පාලු කරන අය පස්සෙන් නම් යන්න එපා please . දැන් හොදටෝම ඇති .
Reply : 0 0
Champa Tuesday, 26 February 2019 12:58 PM
ඇත්තටම ඉතිහාසය වෙයිද දන්නේ නැහැ ඒ මොකොද කිව්වා නම් දැන් ක්රිකට් ආපහු බුකිකාරයන්ගේ අතට ගියා. ඊළඟට ගහන මැච් වලින් තමයි හරියටම කියන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ බුකි සහ කැසිනෝ තහනම් කරන්න ඕනේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

