ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන?
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබේ.
ඒ අනුව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ උපසභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු විධායක කමිටුවට දන්වා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් හේතුවෙන් මේ පිළිබඳ වහාම අවධානය යොමු කළ යුතු බවයි.
ඒ අනුව වෙඩි නොවදින වාහනවල මිල ගණන් කැඳවන්නැයි ක්‍රිකට් සභාපතිවරයා දන්වා තිබේ.
අප මේ පිළිබඳ ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පවසා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තර්ජනයක් ඇති හෙයින් මෙවැනි තීන්දුවක් ගත් බවයි.
&පාකිස්තානයට අනෙකුත් රටවල් සංචාරයට නොයන අවස්ථාවක අපේ කණ්ඩායම පාකිස්තානයට ගියා. ඒ නිසා අපේ ක්‍රිකට් කණ්ඩායමට ඕනෑම අවස්ථාවක තර්ජනයක් මතුවෙන්න පුළුවන්. පාකිස්තානය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට වෙඩි නොවදින රථ ලබාදීලා තියෙනවා වගේම අපිත් අපේ කණ්ඩායමට වෙඩි නොවදින වාහන ගෙන්වන්න සැලසුම් කරලා තියෙනවා.* යැයි උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
-
දේශප්‍රේමියා Tuesday, 17 March 2020 09:56 AM
කව්ද තොපිලට වෙඩි තියන්නෙ? සල්ලිවලට රට පාවලා දෙන හොර හැතිකරේ... වෙඩි නොවදින වාහන දීලා ආරක්ශා කරගන්න ඕන ජාතික වීරයොත් ඉන්නවා අපේ රටේ ජනාධිපති තුමා,නියෝමාල් රන්ගජීව, M.R ලතිෆ්,ශවේන්ද්‍ර සිල්වා වගේ දේශයට අවංක සේවයක් කරපු.
Reply : 0 1
Nandana Tuesday, 17 March 2020 01:17 PM
මුන්ට මොලේ හොද නැහැ .තවත් කොමිස් ගැහිල්ලකට සුදානම් වෙන හැඩ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

