ශ්‍රී ලංකා - කොදෙව් තරගයේ ප්‍රවේශපත් මිල පහත වැටේ
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව් අතර ඩර්හැම් ක්‍රීඩාංගණයේ අද (01දා) පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් මිල පහත වැටී තිබේ. මෙම තරගයේ අඩුම මිල ප්‍රවේශපතක් පවුම් 20ක් (රු. 4,500ක් පමණ) වැනි මුදලකට අන්තර්ජාලයෙන් වෙන්කරවා ගැනීමේ හැකියාව තිබිණි.
එම ප්රවේශපතම ක්‍රීඩාංගණය අවට නිල නොවන මට්ටමින් ප්‍රවේශපත් අලෙවි කරන්නන්ගෙන් පවුම් 10ත්, 15ත් අතර මිලකට ලබාගත හැකිය. එම තරගයේ ඉහළ මිල ප්‍රවේශපත පවුම් 61ක් (රු. 13,800ක් පමණ) වැනි මිලක් පැවතිණි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ අඩුම ප්රවේශපතක්ද තරගයේ ඉනිමක් අවසන් වී තිබියදී පවුම් 80ත්, 100ත් අතර මිලට අලෙවි විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන සෙනසුරාදා (06දා) පැවැත්වෙන තරගයේ මිල අඩුම ප්‍රවේශපත පවුම් 143ක් (රු. 32,500ක් පමණ) වැනි මුදලට ඊයේ වනවිට මිලදීගත හැකිව තිබිණි.
එම තරගයේ ඉහළම මිල ප්‍රවේශපතක් පවුම් 354ක් (රු. 80,000ක් පමණ) වැනි මුදලකට මිලදීගත හැකිවූ ඇති අතර, ඉදිරි දිනවලදී එය තවදුරටත් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.
යොහාන් භාසුර (එංගලන්තයේ ඩර්හැම් සිට)

-
ddd Monday, 01 July 2019 02:33 PM
රුපියලක් වටින්නෑ මේ ටිකට් ශ්‍රී ලංකාව ගහනවානම් මොනවා බලන්නද
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

