වයිකිංග් - ස්ටැලියන්ස් තරගයට වර්ෂාවෙන් බාධා
එල්.පී.එල්. තරගාවලියේ 15 වැනි තරගය ලෙස දඹුල්ල වයිකිංග් - ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර අද (07දා) රාත්රියේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අතහැරදැමීමට සිදුවිය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව වයිකිංග් කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී රාත්රී 8.30 පමණ වනවිට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. කෙසේ නමුත් රාත්රී 10.30 වනතුරුත් වර්ෂාවේ අඩුවක් නොතිබූ හෙයින් තරගය අතහැර දැමීමට සිදුවිය.
තරගය නතරකරන විට වයිකිංග් පන්දුවාර 07ක් ක්රීඩාකර සිටි අතර, ඒ වනවිට කඩුලු 03ක් බිඳවැටී ඔවුන් අසීරුවෙන් ලකුණු 42ක් රැස්කරගෙන සිටියේය. කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 21කදී ලකුණු 28ක්ද, නායක දසුන් ශානක පන්දු 03කට පමණක් මුහුණදී ලකුණු 02ක්ද රැස්කරගෙන සිටියේය.
ස්ටැලියන්ස් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ වනිඳු හසරංග නිලකුණු පන්දුවාරයක් යොමුකරමින් එක් කඩුල්ලක් දවාගෙන සිටි අතර, සුරංග ලක්මාල් හා ඩුඒන් ඔලිවියර්ද එක් කඩුල්ල බැගින් කඩුලු බිඳහෙලා තිබුණි.
තරගය අතහැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවිය. කෙසේ නමුත් මෙම තරගයේ ප්රතිඵලය කුමක් වූවත් කණ්ඩායම් දෙකම මේ වනවිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
