වත්මන් ක්‍රිකට් පුහුණුකරුවන් නවසීලන්ත ටෙස්ට් තරගාවලියට නෑ - හරීන්
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන කිසිඳු පුහුණුකරුවෙකු සහභාගි නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ (30දා) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේ වෙතත් අභ්‍යාසික පුහුණුකරු නික් ලී තවදුරටක් කණ්ඩායමේ රැඳී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“ටෙස්ට් තරගාවලියට මේ පුහුණුකාරිත්ව කණ්ඩායම ඇතුළත් වෙන්නේ නෑ. ට්‍රේනර් ලෙස ඉන්න නික් ලී ඉන්නවා. යම් කෙනෙක් යන්න අකමැතිනම් එතුමන්ලාට නීතිය හමුවට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙන රැකියාවක් දෙන එක වෙනවා. හතුරුසිංහ ඉතාමත් දක්ෂ පුහුණුකරුවෙක් නමුත් සමහර තැන්වල හරියට වෙන්නේ නෑ.”

popular news
-
Dayananda Wednesday, 31 July 2019 01:42 PM
හරියටම ඔයගොල්ල වගේ.
Reply : 0 0
chandana Wednesday, 31 July 2019 04:22 PM
ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් කියන්නේ මේවට තමයි. ඉස්සෙල්ලම කුලසේකර ගැන නොදන්නා බව කියූ නිලධාරීන් ඉවත් කරන්න. දෙවනුව අත්දැකීම් බහුල චන්දිමාල්වයි තරංගවයි ෙලෝක කුසලාන කණ්ඩායමින් ඉවත් කරපු නිලධාරීන්ව ඉවත් කරන්න. ඊට පස්සේ හතුරුසිංහ නියමෙට වැඩේ කරයි. හතුරුසිංහ බංගලාදේශ කළණ්ඩායම ඔය තත්වයට ෙගෙනාවේ නිකම්ම ඉදලා ෙනෙවෙයි. ඒ් හදපු අය ඉන්නකම් බංගලාදේශය ඔය දස්කම් දක්වනවාම තමයි. වැරැද්ද හතුරුසිංහගේ ෙනෙවෙයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

