ලෝක කුසලානයේදී දරුණු පරාජයක් - මරික්කාර්
එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේදී අයවැය කාරක් සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
96 ලෝක කුසලාන තරගාවලි ජයගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි තත්ත්වය යළිත් ලබාගැනීම වෙනුවෙන් වසර 7/8ක සැලැස්මක් අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය කාලයේදි ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබූයේ පාලකයන් නිසා නොව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් නිසා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-
janatha anura Tuesday, 19 March 2019 08:48 AM
ක්‍රිකට් දෙවැනි ඉනිම වගේ, බලය ලබාගත්ත ගමන් ලද අ වස්තාවෙන් ප්‍රයෝජන ගැනීම ප්‍රති පතති නිසා කුඩු, එතනෝල්, වියාප්තිය මහබැංකුව ක්‍රිකට් සහ ගම්මිරිස් තේ කරුන්ක වැනි දෙසිය වගාවන් විනාශ උන අපි බලන්නේ තව මාස 7 ,8 පමණි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

