මොනවා කියන්නද දන්නේ නෑ - කුසල් ජනත්
දකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් තමාට හොඳ සහායක් ලැබුණ බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සඳහන් කරයි.
තරග ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව අද දකුණු අප්‍රිකාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“මට ටිකක් මහන්සියි දැන්. මම දන්නේ නෑ මොකක්ද කියන්නේ කියලා. ඇත්තටම මෙය කණ්ඩායමක් වශයෙන් හොඳ උත්සාහයක්. විශේෂයෙන් පසුපෙළ ක්‍රීඩකයන්, ඔවුන් මට හොඳ සහායක් දුන්නා. ඒ වගේම මම, මම ගැනත් විශ්වාස කළා. මම යමක් කළා. මම මගේ කොටස කළා.
නමුත් අපි දිනුවේ කණ්ඩායමක් ලෙසයි. සමස්ත ඉනිම පුරාම ඇති වූ සබඳතා ශ්‍රේෂ්ඨයි.ඒ නිසා තමයි අපිට ලකුණු 304ක් හඹා යෑමට හැකිවුනේ. මේ මම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගයයි.
දකුණු අප්‍රිකාව වගේ රටක ක්‍රිඩා කිරීම අපසහුයි. මේ පන්දු යවන්නන් ලෝකයේ හොඳම පන්දු යවන්නන් අතර ඉහළම ඉන්න පස් දෙනෙක්. ඔබ කවදාවත් දන්නේ නෑ මොන වගේ පන්දුවක්ද ඔවුන් යවන්නේ කියලා. ඔවුන්ට විශාල පළපුරුද්දක් තිබෙනවා.”

popular news
-
Champa Sunday, 17 February 2019 07:02 PM
ශ්‍රී ලංකා කණ්ඩායම තමන් තරඟ කලේ coach වෙනුවෙන් කියල කියපු නිහතමානී ප්‍රකාශය තමයි ලංකාව ලබපු ලොකුම ජයග්‍රහණය.
Reply : 0 0
Champa Monday, 18 February 2019 11:03 PM
ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සුද්දගේ භාෂාවෙන් නැතුව සුද්ද සිංහලෙන් ක්‍රිකට් පරිපාලනය ඇමතුවා කියලා බනිනවලු. කියපු ටික ඉංග්‍රීසියෙන් කිව්වා නම් කමක් නැතුව ඇති මයේ හිතේ. අනික වෙනදට දින්නහම සතුට සමරන කොට වගේ sparkling wine ඔලුවේ හලා ගන්නේ නැතුව කේක් කාපු එකත් වැරදිද දන්නේ නැහැ. කාට වුනත් හිත ඇතුලේ හිර වෙලා තෙරපිලා තියෙන දේවල් එලියට දාන්න ඉඩ දෙන්න ඕනේ. ක්‍රිකට් ලොක්කෝ ඕක කරන්න මිලියන් ගණන් ගෙවල සුද්දෝ ගෙන්වනවා පිටරට වලින් therapy වලට කියලා. Having the courage to speak up is a good way to get out of depression!!!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

