මෑන් ඔෆ්ද වර්ල්ඩ් තරගාවලියේ රිදී හා ලෝකඩ පදක්කම් දිනූ සංජුල
ලෝකයේ කඩවසම් තරුණයන් සදහා පවත්වන ප්රධානතම තරගාවලියක් වන " මෑන් ඔෆ් ද වර්ල්ඩ් " ( Man of the world - 2026 ) තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සංජුල කේෂාන් එහි හොදම විධිමත් ඇදුම ( Best in Formal Wear ) සදහා වූ ඉසව්වෙන් රිදී පදක්කම සහ හොදම පෞරුෂත්වය ( Best Personality ) සදහා වූ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගෙන සහ එම තරගාවලියේ තවත් හොදම 10 දෙනා ( Top 10 ) අතරට පත් වූ ඉසව් 05 න් ද ජයග්රහණය කර , 06/13 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 28 ක කඩවසම් තරුණයන් 28 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 05/28 දින සිට 06/06 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවර පවත්වා තිබූ අතර මෙම තරගාවලිය සදහා ශ්රී ලාංකිකයෙකු වසර 08 කට සහභාගී වී තිබුණි .
එහිදී මෙම තරගාවලියේ හොදම 10 දෙනා අතරට Best Beach wear , Best Physique , Best Photogenic , Best National Costume , Fashion of the World යන ඉසව් වලට සහභාගී වූ සංජුල දිනා ගැනීමට සමත් වී තිබුණි.
සංජුල තණමල්විල ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහුගේ සිරුරේ දැඩි කාල වර්ණ ස්වභාවය එම තරගාවලියට සහභාගී වී සිටි අප්රිකානු තරුණයන් අභිභවා යාමට සමත් වී තිබූ අතර ඔහු ඉදිරිපත් කළ " කළු කුමාර " නිරූපනය එම තරගාවලියේ විශේෂ අවධානයට ලක් වී තිබුණි .
සංජුල කේෂාන් සහ ඔහුගේ පුහුණුකරු මෙන්ම මෙම තරගාවලියේ ජාතික අධ්යක්ෂ සමීර වීරසිංහ මහතා 06/13 දින පෙරවරු 10.57 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 462 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

