මැතිව්ස්ගෙන් ශතකයක් සමගින් ඩිෆ් 10ක්
ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට තරගයේ අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා ඉනිමට පණ දුන් ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරිමට සමත්විය.
ශතකය ලබා ගැනීමෙන් අනතුරුව පිටියේ ඩිෆ් 10ක් ගැසූ මැතිව්ස් තමා මනසින් ශක්තිමත් බවද ඉඟිකරමින් පැවැසීය. පසුගිය ක්‍රිකට් තේරිම් කමිටුව ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරනු ලැබීය.
ලකුණු 13ට කඩුලු තුනක් ලෙස අසීරු තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 243/3 දක්වා රැගෙන යාමට මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් සමත්වූහ. ඒ අනුව අද දිනයේදී තවත් පන්දුවාර 10ක් යොමුකිරීමට නියමිත අතර එම පන්දුවාර 10ද ඔවුන් දෙදෙනා කඩුල්ලේ රැදී සිටිය හොත් දිනය පුරාම ඔවුන් පන්දුවට පහරදීමට සමත්වන්නේය.
ශ්‍රි ලංකාව නවසීලන්තයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 53ක් පසුපසින් සිටින්නේ කඩුලු 7ක් අතැතිවය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 245ක් රැස්කළ අතර නවසීලන්තය පිළිතුරු ලෙස ලකුණු 578ක් රැස්කිරිමට සමත්විය.
කුසල් 111* (පන්දු 251) මැතිව්ස් 107* (පන්දු 251) ලෙස ලකුණු රැස්කරගෙන සිටිති.



popular news
-
Champa Tuesday, 18 December 2018 10:33 AM
මොන බොරුද? කොහොමද එකපාරට මනසින් ශක්තිමත් වුනේ? හර්කියුලිස් ටික දවසකට හරි අගැමති වුනු හින්දද? පැහැදිලිවම පෙන්නේ මැතිව්ස් මෙච්චර කල් කරලා තියෙන්නේ බොරුව කියලා. කාගෙන් හරි සල්ලි අරන් උවමනාවෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරද්දන එක තමයි කරලා තියෙන්නේ. මැතිව්ස් අනිත් ක්‍රීඩකයෝ 48 වතාවක් වගේ මට මතක ඒ තරම් පාරක් දුවද්දී දැවී යාම් වලට ලක් කළා කියල කියල තිබුන. තනිකරම කරලා තියෙන්නේ බොරුව. පහුගිය දවස් වල හැම අංශයෙන්ම වගේ පුහුණුකරුවෝ වෙලා හිටියේ අපේ හිටපු පළපුරුදු ක්‍රීඩකයෝ. දැන් ඒ තැන්වල ඔක්කොම ඉන්නේ සුද්දෙ. අපේ මිනිස්සුන්ට ලැබෙන්න තිබ්බ වැටුප දැන් යන්නේ සුද්දන්න්ට. ලෝකේ පුරාම නමක් දිනාගෙන හිටපු දක්ෂතම පන්දු රකින්න වුනේ රොෂාන් මහානාම. තව හුගක් දක්ෂකම් තියෙන පළපුරුදු ප්‍රවීන ක්‍රීඩකයෝ අපිට ඉන්න. හැබැයි අපේ කණ්ඩායම සුද්දෝ පුහුණුකරුවෝ නම් මාර සුද්ද විදිහට ක්‍රීඩා කරනව. අපේ මිනිස්සු පුහුණුකරුවෝ නම් හොරට සෙල්ලම් කරනවා අර පුහුණුකරුවා හොඳ නෑ කියල පෙන්වන්න.
Reply : 547 203
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

