මාලිගේ කඩුලු 7න් ගාල්ලට පහසු ජයක්
සුපිරි පළාත් එක්දින තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග නායකත්වය දරණ ගාලු කණ්ඩායම සමත්විය.
දිමුත් කරුණාරත් නායකත්වය දරණ නුවර කණ්ඩායම හා ගාලු කණ්ඩායම අතර නුවර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයෙන් ලකුණු 156ක පහසු ජයක් වාර්තා කිරීමට ගාලු කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම ලකුණු 255ක් රැස්කළ අතර පිළිතුරු ලෙස නුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 99ක් පමණි.
ඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්රී ලංකාවට පැමිණ අද මෙම තරගයට ක්රීඩා කරනු ලැබීය.
මාලිංග පන්දුවාර 9.5කදී ලකුණු 49ට කඩුලු 7ක් දවාගැනීමට සමත්වූයේය. අයි.පී.එල්. තරගයේදී මාලිංග පන්දුවාර 4ක් යොමුකරන ලකුණු 34ට චෙන්නායි කණ්ඩායමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.
ගාලු කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 35ක් රැස්කළේය.

-
Champa Thursday, 04 April 2019 04:52 PM
Congratulations Malinga !!!
Reply : 0 4
Champa Thursday, 04 April 2019 04:57 PM
මාලිංගටයි ඩිල්ෂාන්ටයි අනාගතේ ලංකාවේ ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් කරන්න වැදගත් වැඩක් තියෙනව. මීට කලින් කවුරුවත් නොකරපු දෙයක්. රාජ්ය අනුග්රහය එක්ක කරන්න දෙයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

